බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි

“දුප්පත්කම නිසා මෙහෙකාරසේවයට එන බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දමන තත්වයට පත්විම ඉතා සෝචනිය තත්වයක් යැයි,” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවෙිය.

පාර්ලිමෙින්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මන්ත්‍රි වරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක්ව ගිණි ඇවිලි මිය යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.

” හිටපු අමාත්‍ය, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු ඉෂාලිනී ජෝන් කුමාර නැමති දැරියගේ මරණය සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුවු බවක් පෙනෙන්නෙ නෑ. ඇය අවුරුදු 16 ක් පමණ වන දැරියක් බව තහවුරුව තිබෙනවා.හිටපු ඇමතිවරයාගේ නිවසේ වසරක පමණ කාලයක් මෙහෙකාර සේවයේ යෙදි සිට ඇති බව තහවුරුවී තිබෙනවා. පසුගිය ජුලි 03 දා ඇයගේ සිරුරට ගිණි අැවිලි දින 12ක් ජාතික රෝහලේ ප්‍රථිකාර ලැබ පසු ගිය 15 දා මියගොස් තිබෙනවා.

බාල වයස්කාර දැරියක් කාලයක් තිස්සේ විවිධ ගෙවල් වල වසර තුනක් පමණ මෙහෙකාර සේවයේ යොදාගන තියෙනවා. වසරක පමණ කාලයක් රිෂාඩ් බදියුදින් මන්ත්‍රිවරයාගේ නිවසේ මෙහෙකාර සේවාය් යෙදි තිබෙනවා. ඇය දිගින් දිගටම දුෂණයට ලකව ඇති බව ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය මගින් තහවුරු කර තිබෙනවා.

කාලයක් තිස්සේ මෙි ආකාරයට විවිධ පුද්ගලයින්ගෙ දුෂණයට ලක්ව මෙි සිදුවු මරණය පිළිබඳ දැන් සිදුවන මෙි පොලිස් පරික්ෂණ වෙිගවත්ද.., මෙි සිදුවිමට සම්බන්ධ අය අත් අඩංගුවට ගෙන තිබෙනවාද..අඩුම තරමෙි මන්ත්‍රිවරයාගේ නිවසේ අයගෙන් ඇයව මෙහෙකාර සේවයට යවපු අයගෙන්, හා කලින් සේවය කළ තැන් පිළිබඳ පරික්ෂණ පවත්වා තියෙනවාද..මෙි කිසිවක් වෙිගවත්ව සිදුවන බවක් අපට පේන්නෙ නෑ. මේ මිය ගිය දැරියට සාධාරණයක් සිදුවන බවක් අපට පෙනෙන්නෙ නෑ.

අවුරුදු 13 – සිට 16 ,,දක්වා දැරියක් මේ රටේ බලවතුන්ගේ ප්‍රභූවරුන්ගේ නිවෙස්වල, ළමා මෙහෙකාර සේවයේ යොදාගන තියෙනවා.ඒ කාලය ඇතුලත ඇය විටින් විට දුෂණයට ලක්වෙලා තියෙනවා. ඒ පිළිබඳ නිසි පරික්ෂණයකේ නොකර ඉතාම මන්දගාමිව, මේ රටේ අනෙකුත් අපරාධවගේ මේ අපරාධයත් පැත්ත්කට දාල තියෙනවා.

මේ පරිකෂණ යට ගිහිල්ල තියෙන්නෙ මෙික රිෂඩ් බදියුදින් මන්තුිවරයාගේ නිවසෙ දි සිදුවු නිසාදැයි රටේ ජනතාවට සාධාරණ සැකයක් මතුවෙනවා.අවුරුදු 16 ක දැරියකට සිය දිවි නසා ගන්න තරම් බල කළ හේතුව මොකක්ද..ඒ හේතු හොයන එක පොලිසියේ වගකිමක් නෙමෙයිද…? මෙවැනි සිදුවිමක්වෙන තැනක සිදුවුවා නම් පොලිසිය දක්වන වෙිගවත් භාවය මේකට නොදක්වන්නෙ ඇයි..දැයි. ජනතාවට පුශ්නයක් මතුව තිබෙනවා.

රටේ නිති හදන, ව්‍යවස්ථාදායකයේ නියෝජාතයෙකු ,ආණුඩු ගණනාවක ඇමති කෙනෙකු ලෙස කටයුතු කළ රිෂාඩ් බදියුදින් වත්මන් මන්ත්‍රිවරයා බරපතල වැරදි ගණනාවක් සිදු කර තිබෙනවා.

ඉතා හොදින් නිතිය දැන දැනම බාල වයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යොදවා තියෙනවා. අැයට සිය දිවි හානි කර ගන්න තෙක් කිසිවෙක් මෙි පිළබද සොයා බලා නැහැ. මේ පිළිබඳ පොලිස් පරික්ෂණ ඉතාම මන්දගාමිව සිදුවෙනවා.

මේ රටේ බලවතුන්ගේ,දේශපාලකයන්ගේ, පොලිසියේ, රාජ්‍ය සේවයේ,නිතියේ බොහෝ බලවතුන්ගේ නිවාස වල මෙහෙකාර සේවයට යොදා ගන්නෙ මේ වගේ අන්ත දුප්පත් පවුල් වල අසරණ දැරියන් බව නොරහසක් වෙලා තියෙනවා.

නුවරඑළිය.ඩයගම,හැටන්,තලවකැලේ, බුල්ල, බණඩාරවෙල ආදි ප්‍රදේශවල දුපපත් දෙමළ පවුල්වල දරුවන්ගෙ අධ්‍යාපනය කඩා කප්පල් කරල කොළඹට ගෙනල්ල තමන්ගෙ ගෙවල්වල වහල් මෙහෙකාර සේවයට යොදවාගන තියෙනවා. මේ ගෙවල් වල බැල මෙහෙවරකම් කරන කොට මෙවැන ලිංගික අතවරයන්ටත් ලක්වෙන බව ඔප්පුවෙලා තියෙනවා.

රිෂාඩි බදියුදින් මන්ත්‍රිවරයාගේ නිවසේ මෙහෙකාර දැරිය මෙවැනි සිදුධි ගණනාවකින් හෙළිවු එක සිද්ධියක් පමණයි.මෙික ඛෙිදවාචකයක්..! මෙි ⁣ඛෙිදවාචකය සමස්ත වතුකරයේ අධ්‍යාපනය කඩාකප්පල්කර දමා දුප්පත් කම නිසා කොළඹ ගෙවල්වල බැල මෙහෙවර කරන දැරියන්ගේ ඛෙිදවාචකය ඉෂාලිනිගේ මරණයෙන් පිළිඹබු වෙනවා.

මේක සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් නෙමෙ⁣යි.ප්‍රභූ පැළැන්තිය මෙි අයුරින් දුපුපත් දැරියන් වහල් මෙහෙකාර සේවයේ යොදාගන එම ගෙවල්වල ඉන්න අයගේ ලිංගික කෙළි බඩු බවට පත්කරගන තියෙනවා.අවසානයේ ඔවුන්ට සිය දිවිනසා ගන්නා තැනකට තල්ලු කරනවා. එම නිසා මෙි සිදුවිමට තාර තිරම නොබලා නිනිය ක්‍රියාත්මක කරනව කියන්නෙ මෙවැනි ව්‍යසනයක්ට අනාගතයේ ගොදුරුවන දරුවන් මෙයින් බෙිරා ගැනිමට තබන යම් පියවරක් වෙනවා.

රිෂාඩ් බදුයුදින් හා ඔහුගේ පවුලේ අයට මේ සිදුවිම සමිබනිධයෙන් නිදැල්ලේ ඉන්න පුළුවන්කම ලැබිල තියෙන්නෙ මොන බලවතාගේ හයියෙන්ද..? කියල ජනතාව ප්‍රශ්න කිරිම සාධාරණයි. රිෂාඩ් බදියුදින් යු.එන්.පි. ආණ්ඩුවෙ පමණක් නෙමෙයි. ඊට කලින් ආණඩුවෙත් ඇමතිවරයෙක් වෙලා හිටියා.

මේ අපරාධය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතාම නිද්‍රාශිලි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නෙ මොන ඇමතිගෙ ,මොන බලවතාගෙ බල පෑමටද කියල ජනතාව ආණ්ඩු⁣වට ඇඟිල්ල දිගුකරනවා.

අද මෙි රටෙි ළමයින්, කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඇමතිලා, රාජ්‍ය ඇමතිලා, නිලධාරින් විශාල පිරිසක් රටෙි බදු මුදලින් නඩත්තු වෙනවා. නමුත් රටේ දවස ගානෙ කාන්තා දුෂණ, ළමා අපචාර විශාල ලෙස අහන්න ලැබෙනවා.

ගල්කිසිස ප්‍රදේශයේඅවුරුදු 15 ක දැරියක් රටේ ඉහළම තනතුරු දරන බලධාරින්, නිළධාරින් විතරක් නෙමෙයි හාමුදුරුවෙස් ගත්ත අය අතරෙ මුදලට විකිණෙමින් අපචාරයට ලක්වෙලා තියෙනවා.ඒ සම්බන්ධයෙන් රටේ ඉහල තල වල සමහරුන් අත් අඩංගුවට ගෙන තියෙනවා.මේ ලැයිස්තුව තිහ හතලිහක් දක්වා දිග බව පොලිසිය කියනවා. නමුත් ප්‍රධාන පෙළේ තුන් දෙනෙක් අත් අඩංගුවට ගත්තට පසු එතනින් එහාට පරික්ෂණ වෙිගවත් වන බවක් නැහැ.

තමන්ගේ දරුවෙකුට මේ දේවෙන තුරු රටේ ජනතාව ඇස් කන් පියාගන ඉන්නවද ..? කියල ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මේව තමන් දින පතා අහන, දකින ප්‍රවෘත්ති වගේ අහල, බලල පැත්තකට දාන්න එපා. මේවා බරපතල සිදුවිම් බව අමතක නොකළ යුතුයි. රටක් ශිෂ්ඨසම්පන්නයි කියනනෙ ඒ රටේ ජනතාව මෙවැනි සිදුවිම් වලට කොන්දෙසි විරහිතව නැගි සිටිනවා නම්, අරගල කරනවා නමි පමණයි.

එස් . පොද්දෙණිය – මීගහතැන්න

gossip lanka c, lanka news web sinhala, trincomalee, hiru gossip lanka news, ella sri lanka, gossip lanka c news, sri lanka tourism, lanka c news sinhala, sri lanka airport, sri lanka time now,
gossip lanka sinhala news, hikkaduwa, sri jayawardenepura kotte, polonnaruwa, sri lanka gossip, latest news in sri lanka, gossip lanka hot,
lanka cnews, galle sri lanka,

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….