labunoruwa wewa

රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට මුවාවි ලැබුනෝරුව වැව සීමාවක් නොමැතිව හාරමින් වැලි ගොඩදැමීමේ මහ පරිමාන ජාවාරමක් සිදුවන බව ලැබුනෝරුව ගොවි සමිතිය පවසයි.

රජයේ ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා ආරම්භවූ මහ වාරිමාර්ගයට අයත් ලැබුනෝරුව වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ ක්‍රියාව පසෙක දමා කොන්ත්‍රාත්කරුවන් ඉවක් බවක් නොමැතිව වැව හාරමින් වැලි ඉවත් කිරිමේ කටයුත්තක නිරත වන බවත් මෙම ක්‍රියාවලිය නිසා වැව විනාශයට පත්වෙන බව ගොවි සමිතිය පැවසුවේය.

සිදුවන ක්‍රියාවලියට විරෝධය පලකරනා ලැබුනෝරුව ගොවි සමිතියේ සභාපති ජී ජයතිලක මහතා.වැවේ රොන්මඩ ඉවත් කිරිම පසුගියදා ආරම්භ වුනා.නමුත් ඒ සදහා කිසිදු මුදලක් රජයෙන් නොගෙවන බව උත්සවයට සහභාගිවූ රාජ්‍ය අමාත්‍යතුමන් පැවසුවා.

මේ ඉවත් කරන රොන් මඩ සෝදලා වැලි අරගන්නවා ඒකේ ආදායමෙන් තුනෙක් එකක මුදලක් ගොවි සංවිධානයට ලබාදෙන බව පැවසුවා.නමුත් අපිට එහෙම ප්‍රති ලාභයක් ලැබිලා නෑ.

වැවේ අඩි දෙකක රොන් මඩ තට්ටුවක් හාරන්න අවසර දුන්නත් මේ කටයුත්ත කරන පුද්ගලයා යන්ත්‍ර සූත්‍ර දාලා වැවේ අඩි දහයක් විතර යටට හාරනවා.අඩි දෙකක් විතර හාරද්දි ඒ තැන වැලි තියනවා කියලා තහවුරු වුනු ගමන්ම මහ පරිමානයෙන් ඒ ස්ථානය හාරලා වැලි අරගෙන වැවෙන් ඉවත් කළ පස් ඒ තැනට දාලා නැවත වහනවා.

මෙතන වෙන්නේ කිසියම් ජාවාරමක්.වැවේ කපන පස් ටික බොරළු විවිධ පුද්ගලයන්ට අලවිකරනවා.මේ සදහා වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පුරාවිද්‍යාව ඇතුළු ආයතන අවසර දීලා තියෙන්නේ කියලා ඔවුන් කියනවා.මේ ක්‍රියාවලිය සමග වසර සිය ගණනාවක් පැරණි විශාල කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් කඩා වැටිමේ අවධානමකුත් ඇතිවෙලා තියනවා.

අපි හිතාගෙන හිටියේ මේ ව්‍යාපෘතියෙන් ලැබෙන අපේ කොටසින් අඹලන්වි ඇති ඇල වේලි කෘෂි මාර්ග සියල්ල අළුත් වැඩියා කර ගන්න නමුත් දැන් තමයි තේරෙන්නේ මෙතන සිදුවෙන්නේ පරිසර විනාශයක් සමග ජාවාරමක් කියලා අපිට හැගිලා ගිහින් තියනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මෙම වැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් වැවේ ස්ථාන දෙකක තිබෙන බවට ජනප්‍රවාදයේ සදහන් සදහන් නිධහන් දෙකක් සොයනා බවට ගම්මුන් චෝදනා කළහ.මේ වැව හා පණ්ඩුකාභය කුමාර අතර ජනප්‍රවාදයක් තියනවා.

මේ වැවේ ස්ථාන දෙකක බෙර සළකුණක් හා ගොනෙකුගේ සළකුණක් සහිතව මහා වස්තු සම්භාරයක් තියනවා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා ඒ ස්ථානය තමයි මේ පිරිස වැවේ හැමතැනම හාර හාර හොයන්නේ යනුවෙන් ගම්වැසියන් පැවසුහ.

labunoruwa labunoruwa labunoruwa labunoruwa

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Similar Posts