දුමින්ද සම්බන්ධයෙන් මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය හෙළා දකියි

piyalnisantha

“මෙරට නීතියේ ආධිපත්‍යය ගැටළුවකට ලක්ව ඇතැයි’   දුමින්ද සිල්වා  මහතාව නිදහස්  කිරිම  සම්බන්ධයෙන්  අමෙරිකානු  මහ කොමතාරිස්තුමිය සිදුකර ඇති ප්‍රකාශය පිළිකුළෙන්  යුතුව  හෙළා දකින බව කාන්තා  හා ළමා  සංවර්ධන  පෙර පාසල්, ප්‍රාථමික ,අධ්‍යාපන, පාසල්  යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය  අමාත්‍ය  පියල්  නිශාන්ත ද සිල්වා මහතා කීවේය .

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිව තිබු  හිටපු මන්ත්‍රී  දුමින්ද  සිල්වා  මහතාට ජනාධිපති සමාව ලබාදීම සමිබන්ධයෙන්  ව්පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්  හා අමෙරිකානු  මහ කොමතාරිස්තුමියගේ ප්‍රකාශය  සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය  පියල් නිශාන්ත  ද සිල්වා මහතා මෙි අදහස් පළ කලේය .

” සිරකරුවන්  නිදහස්කිරිම ජනාධිපතිතුමාගේ පෞද්ගලික කටයුත්තක් නෙමෙයි. මොකද ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  34 වගන්තිය ප්‍රකාරව එතුමාට ඇති බලය අනුව සිදු කළ කටයුත්තක්  පමණයි. මිට ප්‍රථම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ  ව්‍යවස්ථාවට  ඇතුලත් කළ නීති ප්‍රතිපාදන අනුව ගෝඨාභය රාපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.  නීතියේ  ආධ්පත්‍යයත්, නිතියේ ස්වාධීනත්වයත් නැත්තටම නැතික ළ යහපාලන ආණ්ඩුවේ  හිටපු වත්මන්   සමගි බලවේගයේ රංජිත්  මද්දුම බණ්ඩාර  වැනි අය අද මේ පිළිබඳ  කතා  කරන්නට පටන්ගෙන තියෙනවා.

සිරකරුවන්  93 දෙනෙකු සමග දුමින්ද සිල්වා මහතා නිදහස් කිරිම විවෙිචනය කරමින්  අදහස් ප්‍රකාශය  කරනවා නම් රංජන් රාමනායක මහතා  පිළිබඳවත් ශානි අබෙිසේකර මහතා පිළිබදවත් අපට කතා කිරිමට සිදුවෙනවා.රංජන් – ශානි හඩ පට මගින් දුමින්ද සිල්වාට අසාධාරණයක්  සිදු වන බව ඉතා පැහැදිලිවම ඔප්පු  වෙනවා .එදා ඒ ගැන වචනයක්  කතා නොකළ රංජිත් මද්දුම  බණ්ඩාරල බොර දියේ මාළු බාන්න හදනවා .

ඒ වගේම අමෙරිකානු  තානාපති  තුම්ය මේ සිද්ධියට  විශල බොරු ප්‍රචාරයක්  ලබා දෙනවා.මේ රට ලේ විලක් බවට පත්කළ එල්.ටි.ට්. සිරකරුවන්ට  නිදහස දෙන එක හොදයි. ,දුමින්ද සිල්වාට නිදහස දිම නරකයි කියන  අමෙරිකානු  තනාපතිනියගේ  මෙි දෙබිඩි  පිළිවෙත පිළිබඳ  අපි  දැඩි සේ කණගාටු  වෙනවා.දැඩි පිළිකුළෙන්  යුතුව  හෙලා දකිනවා. මෙවැනි  ප්‍රකාශ නිකුත්  වන්නේ  කුමන හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයි .එම නිසා මේ කුමන්ත්‍රණ වලට මේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා  හ මේ ආණ්ඩුව කොහෙත්ම  රැවනේනෙ නෑ. මෙි ආණ්ඩුව  වට්ටන්නත් බෑ. මේ රටේ ජනතාව ඔය හිතන තරම් මෝඩ නැහැ.

ඉතා අසාධාරණ  දේශපාලන සිද්ධි නිසා අසාධාරණයට පත්වු පුද්ගලයින්ට සාධාරණයක්  කල යුතුයි.දේශපාලන දඩයම් වලට අපේ ආණ්ඩුවෙන් කොහෙත්ම ඉඩ කඩ නැහැ.එම නිසා කුවුරු කිඹුල් කඳුළු හෙළුවත් ඉදිරියේදි  සත්‍ය එළයට එනවා.එවිට රංජිත් මද්දුම බංඩාරලාටත්,අමෙරිකානු  මහ කොමතාරිස්තුමියටත් තම තමන් නිකුත් කළ ප්‍රකාශවල  ඇත්ත  වැටහේවි. ප්‍රකාශය  නිකුත් කළ යුත්තේ  සත්‍ය වෙනුවෙන්ද  අසත්‍ය   වෙනුවෙන්ද  කියල  තේරුම් ගත හැකි වෙනවා .

එස් . පොද්දෙණිය  – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….