lankathilaka viharaya

පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි.

පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ  (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි.

“ මේ අකුණ පහත් වෙලා තියෙන්නේ ලංකාතිලක විහාරයෙහි  බිත්තියේ මුදුණට.අනතුරේ තරම කොච්චර ද කියලා වෙනම පරික්ෂණයක් කරන්න ඕන.දැනට ඉහළ බිත්තියෙන් ඉපැරණි ගඩොල් කිහිපයක් කුඩු වෙලා පිළිමය අසලත් මලුවටත් පතිත වෙලා තියෙනවා.පිළිමයට වම් පසින් තමයි ඉහළ බිත්තියෙන් කොටසක් මේ විදිහට කැඩිලා පතිත වෙලා තියෙන්නේ.පිළිමයට හානියක් වෙලා නෑ.දැනට මෙය සුළු හානියක් වගේ පෙනෙන්නේ.නමුත් අපි මේ ගැන පරික්ෂණයක් ආරම්භ කරනවා.” යැයි ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ අව් වැසි ආදියෙන් ද අකුණු අනතුරු ආදියෙන් ද මෙම පුරා විද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි.අව් වැසි ආදියෙන් ආරක්ෂාවීම සදහා පියැස්සක් හෝ අකුණු සන්නායක හෝ සවිකර නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) මහ රජු විසින් ඉදිකරවන ලද්දේ යැයි සැලකෙන ලංකාතිලක විහාරය මහල් 5කින් යුක්ත වූ සුවිසල් බුද්ධ මන්දිරයක් වූ බවත්  අඩි 55ක් උස බිත්තිය ගණව ශක්තිමත්ව නිම කරවා ඇති බවත් වංශ කතා සදහන් කරයි.දැන්  එහි හිටිපිළිමයෙහි ශීර් ෂය කැඩී ඇත.අඩි 42ක් උස මෙම බුද්ධ ප්‍රතිමාව ට වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්  බුද්ධ ප්‍රතිමාවට පිටු නොපා ඉන් පිටවීම සදහා පහසුකම් සහිත වීම විශේෂත්වයකි.

පින්තූරවල දැක්වෙන්නේ අකුණු අනතුරෙන් පොලොන්නරුව සොළොස්මස්ථානයට අයත් ඓතිහාසික පුරාවිද්‍යා උරුමයක් වූ ලංකාතිලක පිළිම ගෙයට සිදු වී ඇති හානියයි.

lanakathilaka viharaya lankathilaka viharaya lankathilaka viharaya lankathilaka viharaya

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts