si අංකල් ගෙන් බිරියට ලියූමක්

වේල්ල වීදියේ අනියම් පෙම්වතියගේ මළ සිරුරක් අතැර ගොස් අවසානයේ සියදිවි නසාගත් ආන්දෝලනයට තුඩුදුන් බුත්තල උප පොලිස් පරීක්ෂක 50 හැවිරිදි ප්‍රේමසිරි සිය බිරියට ලියූ අවසන් ලියුම සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කිරීමට එම විමර්ශන නිලධාරීන් මේ වනවිට කටයුතු කර තිබේ.

එම ලියුමේ ඝාතනයට ලක්වූ කාන්තාව ‘එස් අයි අංකල්‘ යයි තමා අමතමින් තමාට ළංවූ ආකාරයත් අනතුරුව ඇය බිරිය හා දරුවන්ට බණිමින් ඔවුන් අතෑර ඇය වෙත එන ලෙස ඇවිටිලි කළ බවත් සටහන් කොට තිබේ.

පිටු 04 කින් සමන්විත එම ලිපියෙන් තමන් සහ ඝාතනයට ලක්වූ තරුණියගේ දැන හැඳුනුම්කම ඇතිවූ අයුරු සහ ඉන් තමන්ට අත්විදීමට සිදුවූ ගැටලු සම්බන්ධයෙන් ඔහු සටහන් කර තිබෙන අතරම තමන් නිසා විදීමට සිදුවූ සිත් වේදනාවන් සම්බන්ධයෙන් ඔහු සිය බිරිඳ ගෙන් සමාවද අයැද තිබෙනවා.

බිරියව ඔහු අමතන්නේ ‘අම්මා‘ ලෙසිනි. සම්පූර්ණ ලිපිය පහතින්

‘අම්මාට,

මට සමාවෙන්න මගේ ජීවිතේ පණ මගේ පවුල. මොන විදිහෙ වැඩ කළත් මම එක දුන්නෙ පවුලට. එය එසේ වෙද්දී si අංකල් si අයි අංකල් කියමින් මගේ මිතුරෙකුගේ දියණියක් මට ළං වුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට මං කොච්චර ආදරේද කියලා.

මුලදි ලොකුවට නොවුණට පසුව ඒ දරුවටත් මගේ දරුවෙකුට වගේම සලකන්න ගියා. එය එහෙම කරන්න මට බෑ. කියපු හැමදේම කරා.ඉල්ලපු හැමදේම දුන්නා.පසුව ඔයාටයි ළමයින්ටත් එයා බනින්න පටන් ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්ධෙ කීවා. එහෙම බෑ කියල නොයෙක් දේ කිව්වා. ඒක ඔයා දන්නවා.

ඔයාගෙ තරහ කේන්තිය ගෑනියෙක් හැටියට සාධාරනයි.

ඒත් දැන් මං නීතියේ වරද කාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා.

එහෙම වුණොත් මාව හොයාගන්නකම් ඔයාලට පොලිසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පේන්න කරගන්නවා.

අවනම්බුවක් වෙයි. ඉවසලා වැඩ කරන්න.

මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. ලෝකේ ගැන නොදැන නෙවෙයි මං මේකට පැටලුනේ. එත් දැන් ඉතිරි වෙල නෑ කිසි දෙයක්. ඔයා හිතින් විඳපු වේදනා මම මගේ ජිවිතෙන්ම විඳිනවා.ඒක මගේ වරද.මම නැති උනාට ඔයාලා බලා ගන්න කෙනෙක් ඇති

අවුරුදු ගාණක් හිරබත් කන්න වෙයි. මං ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණනම් හොඳයි කියල හිතෙනවා.

මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යයි.ලෝකේ ඇතිවෙනවා. පවතිනවා. නැතිවෙනවා.ඒකයි ලෝක ධර්මය. දැනට මාව සීඅයිඩී එකින් හොයනවා.

පොලිසිය ආවොත් ඇත්ත තත්ත්වේ කියන්න.

කාලයක් තිස්සෙ වුණදේ. ආදරේ කිය කිය ඉඳලා වෛර කළා. මට සමාවෙන්න.

කාලයක් තිස්සෙ වුණදේ. ආදරේ කිය කිය ඉඳලා වෛර කළා. මට සමාවෙන්න.

(සිය බැංකු ගිණුම් විස්තර හා රහස් අංකද ඔහු ලියුමේ සටහන් කර ඇත)

දුරගමනක් යනවා.. බුදුසරණයි කතරගම දෙවියන්ගෙ පිහිටයි. මොනතරම් නින්දා අපහාස ආවත් මහමෙරක් වගේ උසුලගෙන දරුවො එක්ක ඉන්න. අම්මාගේ තුන්මාස දානෙ කරන්න. මට එන්න බැරිවෙයි.

– ප්‍ර‍ෙමේ

සබැදි පුවත්

– හිස කදින් වෙන්කල තරුණිය ඝාතනයේ සැකකරුත් මරුට

දිලිනි යෙහන්සාගේ අසම්මත පෙමේ කතාව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….