චීන උපායමාර්ගික තර්ජන NATO සමුළුවේ දැඩි අවධානයට

g7

NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධාන සමුළුව, පසු ගිය දා එනම් ජුනි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන ප්‍රථම NATO සමුළුව මෙය වේ.

සාමාජික රටවල රාජ්‍ය නායකයින් 30කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේ වැඩි අවධාන ‌ෙයාමු වූයේ චීනයේ නැගී එන බලය සහ රුසියාව වෙතයි. 1947 දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය බිහි කර ගත්තේ ධනවාදයට එරෙහි කඳවුරේ සතුරන්ට මුහුණ දීමට ය.  එවකට මෙහි ප්‍රමුඛ අරමුණ වූයේ නැගෙමින් පැවති සෝවියට් කඳවුර ප්‍රමුඛ බලවේගයට එරෙහි යුධ සංධානයක් ලෙස ක්‍රියාත්මක වීමයි. ඔවුන් 2019  වසරේදී නිල වශයෙන්, නැඟී එන චීනය ද තමන්ට එරෙහි බලයක් ලෙස පිළිගත්හ.

සමුළුවෙන් පසු එලි දැක්වීමට නියමිත ප්‍රකාශනයේ චීනය ලෝක ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් ලෙස හඳුනාගෙන තිබේ. මීට පෙර ඔවුන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ රුසියාවට වුවත් නවතම තර්ජනය වශයෙන් ඔවුන් චීනය හඳුනාගෙන ඇත. උතුරු අත්ලාන්තික් සංවිධානයේ මහ ලේකම්වරයා චීනය, “බටහිර කඳවුරට එරෙහි ආරක්ෂක තර්ජනයක්” ලෙස හඳුන්වා ඇත.

මහ ලේකම්වරයා පෙන්වා දෙන්නෙ,  පාරිසරික ගැටලු, අවි පාලනය වැනි කාරණා සම්බන්ධයෙන් චීනය සමග එක්ව ක්‍රියා කළ හැකි වුවත් ඔවුන්ගේ හමුදාමය ක්‍රියාකාරකම් සහ නැගී එන බලය සිය ආරක්ෂාවට තර්ජනයක් එල්ල කර ඇති බවයි. “ චීනය අපගේ සමීපයට පැමිණෙමින් සිටී. අපි එකට එක්ව සන්ධානයක් ලෙස එයට ප්‍රතිචාර දැක්විය යුතු වෙමු.” යනුවෙන් ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. මීට අමතරව රුසියාව, යුක්රේනය ආසන්නයේ සිදුකරන මිලිටරි ගොඩ නැංවීම පිළිබඳව ද මෙහි නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

බ්‍රිතාන්‍යයේ G-7 රාජ්‍ය නායක සමුළුවේදී ද මෙවර චිනයේ ක්‍රියාකලාපය දැඩි අවධානයකට ලක්ව තිබුණි

නව ඇමරිකා එක්සත් ජනපද නායකයා නේටෝ සංවිධානය වෙත වැඩි වශයෙන් සහය දක්වනු ඇතැයි සියළු සාමාජික රාජ්‍යයන්ගේ අපේක්ෂාව විය. NATO ප්‍රඥප්තියේ පස්වන (5) වගන්තිය අනුව “සාමාජික රාජ්‍යයන්ට එල්ලවන කිසියම් හෝ තර්ජනයක්, සියලු දෙනාටම පොදුවේ එල්ල වූවක්” ලෙස සලකා කටයුතු කිරීමට මෙහි පාර්ශවකරුවන් එකඟ වී සිටී.

මෙම පස්වන වගන්තිය සිහිපත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා තමන් ගේ සහය සාමාජික රාජ්‍යයන්ට හිමිවන බව සමුළුවේදී සහතික කොට තිබේ.

Related posts