පුරාවෘතයක් බදු වූ මංගල

Mangala-Samaraweera

මංගල මාතර දේශපාලණය ආරම්භ කරන විට දකුණේ දේශපාලණය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන් සොයා හඩා වැලපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියන් පිරිසක් මංගල සොයා ද පැමිණියේය.

මේ අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට ලක් වී තිබීමත්, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ නායකත්වය පක්ෂය තුළම යම් අභියෝගයට ලක් වී තිබීත් හේතුවෙන්, නව නායකත්වයක් ඉල්ලා පක්ෂය තුළින්ම අරගලයක් ආරම්භ වී තිබුනි. ඒ සදහා මුල් අවස්ථාවේ විවිධ අය උත්සාහ කළත් පසුව ඒය බණ්ඩාරනායක පවුල තුල ඇති වූ තරගයක් බවට පත් විය. මින් ඒක් කොටසක් අනුර බණ්ඩාරනායක නායකත්වයට ගෙන ඒම සදහා කටයුත කළ අතර තවත් කොටසක් විජය කුමාරතුංගගේ මරණයෙන් පසුව විදේශ ගත ජීවිතයක් ගත කළ චන්ද්‍රිකා මැතිණිය නායකත්වයට ගෙන ඒම සදහා කටයුතු කළේය.

මෙම කණ්ඩායම් දෙකේ අනුර බණ්ඩාරනායකගේ කණ්ඩායමේ නායකත්වය මහින්ද රාජපක්ෂ ද චන්ද්‍රිකා කණ්ඩායමේ නායකත්වය මංගල හා ඒස්බී විසින් ද ගනු ලැබුවාය. චන්ද්‍රිකා මැතිණිය සෑහෙන කලක් රටින් පිටව සිටීම නිසාත්, ඒ අවස්ථාවේ මංගල මහින්ද තරම් දක්ෂ සංවිධායකයෙක් නොවු නිසාත් තරගය ආරම්භ කරන විටත් අනුර පාර්ෂවය ඉදිරියෙන් සිටියේය.

තම කණ්ඩායම් ශක්තිය උරගා බැලීම සදහා සිදු කළ අනුර, මහින්ද – වික්‍රමබාහු, වාසුදේව මූලිකත්වයෙන් සංවිධානය වූ  අතුරුදහන්වූ පවුල්වල සමාජිකයින් සමග කොළඹ සිට කතරමගම දක්වා දියත් වූ පාද යාත්‍රාව ඒම තරගයේ ඒක්තරා හැරවුම් ලක්ෂයක් ලෙස පෙන්වා දිය හැකිය.

විපක්ෂයේ ඒක්තරා කණ්ඩායමක් විසින් සංවිධානය කිරීමත්, මුල් අවස්ථාවේ අනෙකුත් පක්ෂ ඒ සදහා සහායක් නොදැක්වීමත්, දැඩි මර්ධනයක් දියත් වූ ආණ්ඩුවකට ඒරෙහිව දින 17ක් තිස්සේ දියත් වූ මෙම පාද යාත්‍රාව සාර්ථක නොවේවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කළාය. මෙහි සමහර සංවිධායකයින් පවා සිතුවේ ආණ්ඩුව විසින් මෙය අතරමග නතර කර දමනු ඇතැයි සිතාය. ඒ නිසා සංවිධායකයින්ට දීර්ඝ සැලසුමක් ද අවශ්‍ය නොවීය.

මට මතක හැටියට මෙම පාද යාත්‍රවේ මුල් දිනයෙන් පසුව මංගල ඊට සහභාගී වන්නේ වැලිගම සිට මාතර දක්වා වූ කොටසටය. එම අවස්ථාවට මංගල කෙසේ හෝ චන්ද්‍රිකා ද සම්බන්ධ කර ගත්තාය. ඊට දැඩි විරෝධයක් මහින්ද පාර්ෂවයෙන් ඒලල වුවත්, ඒතැන් සිට කතරගම දක්වා මංගල සහ චන්ද්‍රිකා ද සහභාගී විය. ඇයගේ සහභාගීත්වයත් සමග ඒ පාර්ෂවයේ සහායද පාද යාත්‍රවට ලැබීමෙන් ඒය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත් විය. දකුණේ දේශපාලනය වෙනස් කිරීමට මෙන්ම රටේ දේශපාලණය වෙනස් කිරීමට මෙම පාද යාත්‍රාව සැලකිය යුතු හේතු විය.

ඉන් පසුව ඒවැනි ජන සහභාගීත්වයකින් පැවත් වූ තවත් උද්ඝෝෂණයක් වූයේ ජන ඝෝෂාවයි. දිස්ත්‍රික්ක කිහිපයක දියත් වූ ඒම උද්ඝෝෂණයත් අනුර බණ්ඩාරනායක පාර්ෂවයේ සහාය ඇතිව මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවැත් විය. මාතර පැවති මෙම උද්ඝෝෂණයට සහභාගී වී නැවත නිවස වෙත යමින් සිටි මහින්ද විජේසේකරගේ ආධාරකරුවෙකු වූ මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයෙකු ඒවකට ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ඒ කාලේ නම කිව්වත් බියක් දක්වන ඒච්.ආර් පියසිරි ඇමතිවරයාගේ අධාරකරුවන් පිරිසක් විසින් පහර දී මරා දමා තිබුනි.

මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කිරීම ඒවකට මාතර නියෝජනය කළ විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් විය. මේ සදහා නව සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මා ද ඊට සහභාගී විය. අප විසින් ධීවරයාගේ ඝාතණයට විරෝධය දක්වා සකස් කළ පත්‍රිකාව මුද්‍රණය ඒවකට මාතර තිබූ සෑම මුද්‍රණාලයක්ම අදාල ඇමතිවරයාට තිබූ බිය නිසා ඉතා බැගෑපත්ව ප්‍රතික්ෂේප කළේය.

මා මේ පිළිබදව කතා කරන්න මංගල හමුවීමට ගියේය. ඔහු යන්න සිට ගමන මදක් ප්‍රමාද කර මගේ පත්‍රිකාව මුද්‍රණය කිරීම සදහා ඔහු දන්නා මුද්‍රණාල කිහිපයකට ද කතා කළාය. නමුත් ඒ සියල්ල ද විවිධ හේතු ඉදිරිපත් කරමින් පත්‍රිකාව මුද්‍රණය ප්‍රථික්ෂේප කර නිසා මංගල ඔහුගේ කාර්යාලයේ තිබු රෝණියෝ මැෂිමෙන් ඒය මුද්‍රණය කිරීමට සියල්ල සලස්වා සෑහෙන ප්‍රමාදයකින් පසුව ඔහු ඔහුගේ ගමන ගියේය. ඒ මම මංගලගෙන් උදව්වක් ඉල්ලු පළමු අවස්ථාවයි.

මේ අයුරින් අවුරුදු කිහිපයක් තිස්සේ තිරය පිටුපස දියත් වූ අනුර – චන්ද්‍රිකා බල අරගල සටනේ ජය චන්ද්‍රිකා පාර්ෂවය විසින් දිනා ගත්තාය. ඒම සටන ආරම්භයේ ඉතා දුර්වල ස්ථානයක සිටි චන්ද්‍රිකා විපක්ෂයේ අපේක්ෂිකාව දක්වා ගෙන ඒමට මංගල විසින් සිදු කළ මෙහෙය ඉතා විශාලය. අඹිලිපිටිය සිසු ඝාතණය සම්බන්ධව සූරියකන්ද වෙත ගිය ගමන, මව්පෙරමුණ ගොඩනැගීම, දකුණු පළාත් සභා මැතිවරයේ දී අමරසිරි දොඩන්ගොඩ මහ ඇමති කිරීම වැනි ක්‍රියාකාරකම් පිටුපස මංගල සිටියාය.

ඒමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු විපක්ෂයේ සිටි සියළු පක්ෂ ඒක වේදිකාවට ගෙන ඒමින්, දාහත් අවුරුද්දක් තිස්සේ පැවති ඒක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලා දමා 1994 දී චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිනිය කිරීමට මංගල මූලිකත්වය ගත්තාය. මේ හැකියාවන් නිසා මංගල ජාතික මට්ටමේ නායකයෙකු ලෙස රටට දිස් විය.

ඒමෙන්ම, ඉන් පසුව රජුන් තැනීම සදහා වූ ප්‍රමුඛම පුද්ගලයෙකු ලෙස මංගල නාමය ඉතිහාස ගත විය. 1994,1999 ඒ කටයුත්තේ ඔහු පුරෝගාමී චරිතයක් වීමත්, රනිල්ට බෑ යන පාඨය සමාජ ගත කරමින් විපක්ෂ නායක ඇතුලු විපක්ෂයට ඇදගෙන වැටෙන්නට පහර දෙන්නටත්, විපක්ෂයට දිගින් දිගටම ඔළුව උස්සන්න බැරි වෙන විදියේ උගුල්වල පැටලැවීමට මංගල දක්ෂයෙක් විය. ඒමෙන්ම ජනාධිපතිනියගේ ප්‍රබලම සෙන්පතියා ලෙස ද මංගල කැපී  පෙනෙන්නට විය.

නමුත් 1994 දක්වා අඛන්ඩ මෙහෙයුමක යෙදෙමින් තම පාර්ෂවය ජයග්‍රහණය කාර කැන්දන් පැමිණ මංගල 2005 වසරේ දී වෙනස්ම දේශපාලණ තීරණයක් ගෙන මහින්ද රාජපක්ෂට ඉතා තියුණු ජයග්‍රහණයක් අත්පත් කර දීම සදහා ද සැලකිය යුතු මෙහෙවරක් සිදු කළාය. විධායක ජනාධිපතිධුරය අවසන් කිරීම ඇතුළු යෝජනාවලියක් ඉදිරිපත් කරමින් නැවතත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ සමග ගිවිසුම් ගත වෙමින් ද, ටිරාන් අලස් හරහා කොටි සංවිධානය සමග උතුරේ ඡන්ද වර්ජනයක් සදහා නිල නොවන ඒකගත්වයක් ඇති කරමින් මංගල ඒ සදහා මැදිහත් නොවුයේ නම් ඒදා මහින්ද ජනාධිපති නොවීමට බොහෝ ඉඩ තිබුනි.

නමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමෙන් අවුරුදු දෙකක් යන්නට මත්තෙන් ඇමතිකම ද අතහැර දමා කිහිප දෙනෙකු සමග ආණ්ඩුවෙන් දොට්ට බැස්ස මංගල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පතුරු ගැසීමට පටන් ගත්තාය. කොටි සංවිධානය සමග තිබූ සම්බන්ධතාවය පාර්ලිමේන්තුවේ දී හෙලිදරව් කළාය.

මංගලගේ ඒම ක්‍රියාව බොහෝ දෙනෙකු සැලකුවේ ඒය දේශපාලණ සිය දිවි නසාගැනීමක් විය හැකි බවයි. නමුත්, ඔහු ඒතැන් පටන් මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධව විශාල වැඩ කොටසක් සිදු කලාය.

යුධ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ සරත් ෆොන්සේකා 2009 වසරේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන ඒමටත්, ඉන් පසුව 2015 දී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉද‌ිරිපත් කර ඔහුගේ ජයග්‍රහණය දක්වා ඇදගෙන යාමටත් මංගල විශාල වැඩ කොටසක් සිදු කළාය.

මෙම ගමනේ දී මංගල අමතක නොව සිද්ධි කිහිපයක් මතකයේ රැදී තිබේ. ඉන් පලමු වැන්න වන්නේ 2012 ජුනි 22 දින මාතර පැවැත්වීමට සැලසුම්කර තිබු LLRC වාර්තාව ගැන නිදහසේ වේදිකාවේ සම්මන්ත්‍රණය පිළිබදව වූ මූලික සාකඡාවයි. මෙහි දී TNA මන්ත්‍රී ඒම්.ඒ සුමන්තිරන් කතිකයෙකු ලෙස සහභාගී කර ගැනීම සදහා වූ යෝජනාවට ඔහු ඒක පයින් කැමති වූවාය. ඒ අවස්ථාවේ දීම ඔහුට කතා කර ඒ සදහා කැමත්ත ද ලබා ගන්නා ලදී.

ඒමෙන්ම, ඔහුට වෙන් වී තිබූ කතාව වෙනුවට වෙනත් කෙනෙකුට ඒම කතාව ලබා දිය යුතු බවට ඔහුම යෝජනා කළ අතර, ඒ සදහා අචාර්ය හර්ෂ ද සිල්වා සුදුසු බවට මංගල යෝජනා කලාය. අපගේ ඒකගත්ව මත ඔහුටද ඒවෙලෙම කතා කර ඔහුගේ පැමිණීම ද ස්ථිර කර ගත්තාය. මෙම රැස්වීමේ මංගලගේ කතාවක් නැති ඒක අඩුපාඩුවක් විය හැකි බවට මා සමග සිටි බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසූ විට මංගල සිනාසෙමින් කිව්වේ මගේ කතා අහල දැන් මාතර මිනිස්සුන්ට ඇති වෙලා ඇති කියාය.

මෙම රැස්වීම මාතරට ‌‌ෛඒතිහාසික ඒකක් වූ අතර, දශක ගණානාවකට පසු දෙමළ දේශපාලණ නායකයෙක් මාතර පැමිණි මුල් අවස්ථාවක් මෙය විය. ඒ නිසාම ඒහි ආරක්ෂාව පිළිබදව අප සැලකිය යුතු අවධානයක් යොමු කළ අතර, මංගල කිව්වේ මගේ සම්පුර්ණ අවධානය ඒ සදහා යොමු කරන බවත්, රැස්වීම පටන් ගන්නට පෙර සිට අවසානය දක්වාම ඔහු රුදී සිටින බවත්, ඔහුගේ හිතවතුන් පිරිසක් ද ආරක්ෂාව සදහා යොදවන බවයි.

අපි සැලසුම් කළ ආකාරයටම රැස්වීම ඉතා සාර්ථක පැවති අතර, හු තැබීම් හෝ වෙනත් භාදාකිරීම් වෙනුවට සුමන්තිරන් විසින් තම අත්දැකීම් මත පදනම්ව සිදු කළ ඉතා කාලෝචිත කතාව නිසා ඒහි පැමිණි සිටි පිරිස් ඉතා සාවදානම මෙන්ම, දෑස්වල කදුළු පුරෝගෙන සුමන්තිරන්ගේ කතාව අසා සිටියාය. (ඒම සම්පුර්ණ කතාව සමබිම පුත්පතේ පළ විය – https://www.samabima.com/?p=961) ඒදා මාතර රැස්වීමේ සාර්ථකත්වය දුටු අප ගාල්ල සංවිධායකයින්ද  සුමන්තිරන් ගෙන්වා ඒවැනිම සාර්ථක රැස්වීමක් ගාල්ලේ දී පැවැත්වූවාය.

මගේ දෙවැනි මතකය ඇත්තේ අපගේ නිදහසේ වේදිකාවේ කුරුණෑගල රැස්වීමයි. ඒම රැස්වීමත් ඉතා සාර්ථකව පැවැත්වෙමින් පැවති අවස්ථාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට සැලසුම් සගතව පැමිණි ඒවකට ඒක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට මාරුවී සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ආධාර කරුවන් විසින් සිදු කළ අවහිර තාවයයි.

ඒ අවස්ථාවේ සභාව අමතමින් සිටියේ මංගලය. ඔහුට කිසිසේත් තම කතාව කර ගැනීමට මෙම කඩාකප්පල්කරුවන් අවස්ථාව ලබා නොදුන්නාය. කතිකයින් අතර සිටි සිරිතුංග ජයසූරිය මැදිහත් වී ඝෝෂාව දෙවනත් කරමින් වේගවත් කතාවක් කළාය.

නමුත් කඩාකපල් කරුවන් ඉතා සැලසුම සගතව පැමිණ සිටීමත්, ඒම ස්ථානයේ සිටි පොලීසියේ ද සහාය ඔවුන්ට ලැබීමත් නිසා ශාලාවේ තිබු පුටු ඒකින් ඒක වේදිකාව දෙසට ගුවනින් ඒන්නට විය. මංගල, කරු ජයසුරිය, සිරිතුංග ඇතුලු වේදිකාවේ සිටි කතිකයින් වෙත පැමිණි පුටු ප්‍රහාරයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට‌ යාම නිසා ප්‍රෙඩී ගමගේ ඇතුලු අප සංවිධායකින් කිහිප දෙනෙකුට සුළු තුවාල ද සිදු විය. නමුත්, ඒම රුස්වීමෙන් පසුව නිදහසේ වේදිකාවට විශාල ප්‍රචාරයක් ලැබු අතර, ඊට දින කිහිපයකට පසුව පැවති අනුරාධපුර ඇතුලු නගර කිහිපයක පැවති රැස්වීම් ඉතා සාර්ථක විය.

මංගල අනෙක් මතකය වූයේ, 2014 වසරේ දී විදියේ විරෝධය නමින් පැවති වීදි උද්ඝෝෂණ මාලාවේ පළමු ප්‍රහාරය ඒප්පාවල දී සිදු විය. ජයතිලක බණ්ඩාර ඉලක්ක කරමින් පැවති ඒම ප්‍රහාරයෙන් ඔහු තුවාල ලැබීය.

මේ අතර දකුණු පලාතේ පැවැත්වෙන වැඩසටහන් වෙත ද ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට අපට ආරංචි වූ නිසා පළාතේ සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ඉල්ලා සිටීමට අප තීරණය කළාය. වැලිගම ස්ථාන 3ක දී මෙම වැඩසටහන දියත් වූ අතර, ඒහි දී පැමිණි ප්‍රහාරකයින් වෙනත් හේතුවක් නිසා ඒය සිදු නොකලත් පොලීසිය යොදා අපගේ වැඩසටහන් කඩා කප්පල් කීරීමට උත්සාහ කළාය. නමුත් නැසීගිය ජස්ටින් ගලප්පත්ති මන්ත්‍රීවරයා අපට සහායට පැමිණි නිසා ඒම තත්ත්වය ද පාලනය කිරීමට අපට හැකි විය.

ඊලග දිනය යෙදී තිබුනේ මාතර වූ නිසා මා පුද්ගලික මංගලට කතා කර මේ බව ප්‍රකාශ කළාය. තත්ත්වය තේරුම් ගත් ඔහු මාතරට අනිවාර්යෙන් සහභාගී වන බවට ප්‍රකාශ කලාය. මංගලගේ පැමිණීම නිසා මාතර සැලසුම ද ව්‍යාර්ථ විය. නමුත් ඉන් පසුව දින දෙවිනුවරින් පසුව පැවති හම්බන්තොට වැඩ සටහනට හම්බන්තොට නගරාධිපති ඇතුලු මැරයන් පිරිසක් විසින් සිදු කළ ඉතා කෲර හා මේලේච්ඡ ප්‍රහාරය නිසා ජයතිලක බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලැබීය.

අප හිතවතුන් කළ ඉල්ලීම නිසා තුවාලකරුවන් හම්බන්තොටින් මාතර රොහල වෙත ඇතුල් කරනු ලැබීය. නමුත් ඒහි සිටි අප හිතවත් වෛද්‍යවරුන් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව වගකියන් බැරි බව පැවසීම නිසා මංගලගේ ප්‍රධාන දේශපාලණ හිතවතෙකු වූ උපුල් නිශාන්තගේ නිවසේ මේ අයගේ ජීවිත ආරක්ෂාව සදහා නවතා තැබීමට අපට සිදු විය.

කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද මංගල නිර්භීත විය. ඒඩිතර විය. තම දේශපාලණ ප්‍රතිපත්ති වෙනුවෙන් ඔ්නෑම කෙනෙක්, ඔ්නෑම තනතුරක් අතහැර දැමීමටත් කටයුතු කළාය. ඒමෙන්ම, ඔ්නෑම අභියෝගයක් දෙවරක් නොසිතා ඔහු භාර ගත්තේය. ඒමෙන්ම, ඔහු මාතර ගමේ කරන කතාවම කොළඹටත් කළේය.

සාමන්‍යයෙන් දේශපාලඥයින් ප්‍රසිද්ධියේ කතා නොකර මාතෘකා, විශේෂයෙන් ලිංගිකත්වය, පාතාල සංඝයා ගැන, මේ රට මෙහි ජීවත් වන සෑම ජාතියකට අයත් බව, ආගම ගැන ජාතික සමගිය මෙන්ම, වෙනත් සුළු ප්‍රජා කණ්ඩායම් හි අයිතීන් ගැන පවා ඔහු ඔහුගේ අදහස් නිරවුල්ව හා නොබියව ප්‍රකාශ කළාය. ඒසේ හෙයින් මංගල යනු යම් පුරාවෘතියකි.

සමබිම පුත්පතේ පළවූවකි

Related posts