අසරණයින්ට කොරෝනා අස්සේ අලි ජරමර

ග‍ලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසකට වන අලින් හා ඇතුන් ගම්වැදීම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන අසරණ ගොවි ජනතාව සිය දේපළ හා වගාබිම් ආරක්ෂා කර ගැනීමට නොහැකිව පීඩාවට පත්වි සිටින අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකිවිය.

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් යකල්ල උල්පත්පාර මහසෙන්පුර මානන්කට්ටිය ඇතුළු ගොවි ගම්මාන රැසක මේ දිනවල සුලභව දක්නට ලැබෙන්නේ වන අලින් ගම්වැදී සිටින දර්ශනයයි.දැවැන්ත වන අලියන් සමග දැවන්ත දළ ඇතුම් ගම්මුන් පදිංචිව සිටින ප්‍රදේශවල සිය අණසක පතුරුවමින් එහා මෙහා යන අයුරු දැකගත හැකිවිය.

මෙම ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව අතරින් බොහෝ පිරිසක් ගොවිතැන තුළින් දිවි සැරි කරගන්නා අතර තවත් බොහෝ දෙනෙකු ධීවර රැකියාව නිරිත වෙමින් සිය දූවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙයි.

මානන්කට්ටිය ගම්මානයට පසුගියදා පැමිණි වන අලි රංචුවක් පසුදින පහන් වනතුරුම ගම්මානයේ යකා නටමින් වී මෝලක් කඩා එහි තිබු විශාල වී තොගයක් ආහාරයට ගෙන තිබේ.එම මෝල වටා ඉදිකර තිබු පුද්ගලික විදුලි වැටට වන අලින් රැගෙනා විශාල  කොටයක් දමා පාගා කාඩා දමා වී මෝල පිහිටි බිමට ඇතුළුවි තිබේ.

ගම්මානයට කඩාවැදුණු වන අලින් ඇතුළු දළ ඇතා බඩ ඉරිගු ඇට ගබඩාකර තිබූ ගබඩාවක් කඩා දමා එහි තිබු බඩ ඉරිගු කිලෝග්‍රෑම් දහස් ගණනක් ආහාරටය ගෙන ඇති අතර එහි අලබය රැපියල් ලක්ෂ දෙකකට ආසන්න බව ගබඩා හිමිකරු පවසයි.වන අලි ගම්මානය පුරා සැරිසරමින් ගොවින්ගේ ගොඩ බොග වන පොල් කෙසෙල් අඹ ඇතුළු බෝග රැසක් කාදමා විනාශකර තිබේ.

මානන්කට්ටියේ ජනතාව පෙන්වා දෙන්නේ මාස හතරකට ආසන්න කාලයක් මහත් පරිශ්‍රමයකින් වගා කළ වී වගාවේ අස්වනු වන අලින්ගෙන් එල්ලවන තර්ජනයන් නිසා කලට පෙර නෙලිමට සිදුව ඇති බවත් ඒ හේතුනෙක් ගොවියන්ට විශාල පාඩුවක් සිදුවන බවයි.

එපමණක් නොව ගොවිතැන් අවසන් කර තම නිවෙස් වලට ගෙනා අස්වනු සොයා ගමට පැමිණෙන අලින් නිවෙස් වල අති අස්වනු බීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බවත් ගම්මාන කරා වන අලින්ගෙන් ජනතාවට නිරන්තර ප්‍රහාර එල්ලවනා බව ඔවුන් කීහ.

පසුගිය කාලය තුළ මෙම ප්‍රදේශය වල වන අලි මියයාම් දහයකට ආසන්න ප්‍රමානයක් හා මිනිස් ජිවිත දෙකක් බිලීව ඇති අතර අලි මිනිස් ගැටුම හෙතුවෙන් ගම්මුන් ජිවිත පුජා කරද්දී වන අලි මිනිසුන්ගේ වතුවල හා හේන් වල ඇති වගා ළිං වලට වැටි වන අලි සම්පත වැනසී යන අවස්ථාවක බළධාරින් කොතෙක් දැනුවත් කලත් එයට නිසි විසදුම් නොලැබීම හේතුවෙන් රටේ බලධාරින් හා නිළධාරින් පිළිබදව මහත් කලකිරිමක් ඇති බව  ගම්මානයේ ජනතාව පෙන්වා දුන්හ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts