කුකුලා අභිබවා යෑමට රතු ළුෑණු සමත්වෙයි

වෙළඳපොලේ ලොකු ළුෑණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලොකු ළුෑණු කිලෝව රුපියල් 450ත් 500 දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

මේ දිනවල කුකුල් මස් කිලෝව රුපියල් 430කට මිලදි ගැනිමට හැකියාව තිබුනත් ලොකු ළුෑණු කිලෝවක් එම මිලට මිලදි ගැනීමට හැකියාවක් නොමැතිවීම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

ඉන්දියාව පැනවූ ලොකු ළුෑණු අපනයන තහනම මෙන්ම ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් ලොකු ළුෑණු ආනයනය නොකිරීමද මෙම තත්ත්වයට හේතුවී තිඛෙනවා.

Related posts