ජීනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි බැඳීම් අවසන් කරීමට යයි

jiniwa

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ නීති විරෝධී යෝජනාවෙන් ඉවත්වී එම බැඳීම් අවසන් කරන බව මෙවර එහි 43 වැනි සැසි වාරයේදී සඳහන් කරන්නේ යැයි විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

එම සමුළුවේදී රටක් විසින් සිය රටටම විරුද්ධව සම්මත කරගෙන ඇති එකම යෝජනාව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පමණක් බවද ඇමැතිවරයා පැවැසීය.
මෙවර සැසිවාරය ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් සැසිවාරයක් වන අතර, ඒ 2015 ඔක්තෝම්බර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කෙරුණු ශ්‍රී  ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ  2019 මාර්තු 40/1′ දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමට නියමිත

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අදාළ යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජයගත් තීරණය පිළිබඳව, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනී තානාපති එලිසබෙත් ටිචිෆිල්බර්ගර් මහත්මියව පසුගිය සිකුරාදා දිනයේදී දැනුවත් කිරීමට කටයුතු කළේය. මෙම යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල සහය ලබාගැනීමටද සිදුවන අතර, මේ වනවිටත් මිත්‍ර රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන බවට ඉඟි පළවේ.

Related posts