ගාල්ලේ වක්වැල්ල ප්‍රදේශයේ කඩ කඩන කුඩ්ඩා කොටුවෙයි

aresst

ගාල්ල,වක්වැල්ල ප්‍රදේශයේ වෙළෙද සැල් දෙක කඩා ඒහි භාණ්ඩ හොරකම් කළ හෙරොයින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු 37 හැවිරිදි පුද්ගලයෙක් ගාල්ල අපරාධ විමර්ශන ඒකකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී .ජි ආනන්ද මහතා පවසයි.

දහවල් කාලයේ ප්‍රදේශයේ සැරිසරමින් ඔත්තු බලා රාත්‍රි කාලයේ දි මේ ආකාරයට වෙළෙද සැල් කඩා මත්කුඩු වලට අවශ්‍ය වු මුදල් සරිකර ගන්නා බැව් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරිමේ දී අනාවරණය වී ඇත.

ඉකුත් 21 වන දින මෙම සැකකරුවා ජංගම දුරකතන කාඩ් පත් විකුණන වෙළෙද සැලකට හා  සිල්ලර කඩයක  දොර අගුළු කඩා ඇතුලු වි එහි තිබු භාණ්ඩ හොරකම්කර ගෙන ගොස් ඇත.

රුපියල් 3000ක ජංගම දුරකතන කාඩි පත් තොගයක්, හොරකම්කර එය අවට ප්‍රදේශවල ජනතාවට විකුණා ඇති සැකකරු වෙළෙද සැලෙන් ලබා ගත් ආහාර හා සිල්ලර භාණ්ඩද විවිධ පුද්ගලයන්ට විකුණා ඇත.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ ගාල්ල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු මෙම සැකකරු 22 වන දින අත්අඩංගුවට ගෙන 23 වන දින ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.

බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Related posts