central-bank

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිල දී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් නිරීක්ෂණය වී ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අනුව, විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටවූ බව යි මහ බැංකුව පවසන්නේ.

Similar Posts