thirumugan

වර්තමානය දෙස බලන විට අනාගතයක් අපිට නැති බවයි පෙනෙන්නේ අනාගතයක් තියෙනවා නම් පිටරට යන්න පාස් පෝට් ගන්න පොලිමේ ඉදියිද මෙහි හිටියොත් අනාගතයක් නැති බව දන්න නිසායි ඔවුන් රට යන්න හදන්නේ.

මධ්‍යම පලාත් හිටපු ප්‍රධාන ඇමති ශ්‍රිලංකා නිදහස්පක්ෂ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා මේ බව පවසන ලද්දේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සදානන්දන් තිරුමුගන් මහතාගේ පක්ෂ කාර්යාලයක් වටවල නගරයේ විවෘත කිරිමේ උත්සවයක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කතා කල සරත් ඒකනායක මහතා මැතිවරණවලදි  1952 දි ශ්‍රිලංකා නිදහස් පක්ෂයට අට දෙනායි පත්වුනේ 1977 මැතිවරණයේදිත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයට ආසන අටයි එත් දැන් 14 ඉන්නවා ශ්‍රිලංකා නිදහස් පක්ෂය වැටිලා තියෙනවා නැගිටලා තියෙනවා.

thirumugan1

මෙවර ශ්‍රිලංකා නිදහස් පක්ෂය නැගිටින්නේ සංධාන ගතවිමකින් මේ රටේ රාජ්‍ය බලය ගන්නයි අපි මෙවර සංධාන ගත වෙන්නේ රට විනාශ කරන අය සමග නොවෙයි රට විකුනන අය සමග නොවෙයි අපි සංධාන ගත වෙන්නේ මේ රටට ආදරය කරන මේ රට විකිනිමට විරුද්ධ වන අය සමගයි.

වර්ථමානය දෙස බලන විට අනාගයක් අපිට නැති බවයි පෙනෙන්නේ අනාගතයක් තියෙනවා නම් පාස් පෝට් ගන්න පොලිමේ ඉදියිද මෙහි හිටියොත් අනාගතයක් නැති බව දන්න නිසායි ඔවුන් රට යන්න හදන්නේ එත් මම කියනවා අපි හොද රටක් හදන බව අපි ගජ මිතුරන්ට හොරකම් කරන්න නොදෙන රටක් හදනවා.

ශ්‍රිලංකා නිදහස් පක්ෂය ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ප්‍රබලයන් කිප දෙනකුම පත් කරලා තියෙනවා එයින් එක් අයෙක් තමයි මේ තිරුමුරුගන් ඔහු ඇවිත් තියෙන්නේ ජනතාවට සේවය කිරිමටයි ඡන්ද කාලයට එක එක නත්තල් පප්පලා එනවා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා එත් දිපු දෙයක් නැහැ.

එහෙම දුන්න නම් අදටත් මේ ජනතාව මෙහෙම ඉන්නේ නැහැනේ එසේම අපිට නිදහස් ලැබිලා අවුරුදු 74 වෙනවා එත් මොකද වුනේ රෝටි කැල්ලක් කන්න ක්‍රමයක් නැහැ ලාම්පුවක් පත්තු කර ගන්න භුමි තෙල් නැහැ නැහැ නේද.

අද තේ වගාවට පොහොර නැහැ මේ ආන්ඩුව දෙනවා කියපුවා දෙන්නේත් නැහැ නේද පොහොර නිකං දෙනවා කිවා එත් දෙනවාද නැහැ නේද මේ තිරුමුරුගන් නත්තල් පප්පෙක් නොවෙයි ඔහු මේ ඇවිත් ඉන්නේ සේවය කරන්නයි නැතිව ඡන්දයකට නොවෙයි මොකද දැන් ඡන්දයක් නැහැනේ.

මෙහි තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යටිතල පහසු කම් නිසි ලෙස නොමැති විම එත් මේ තිරුමුරුගන් මහතා මෙහි යටි තල පහසුකම් ඇති කිරිම සදහා වීශේෂ වැඩ පිලිවෙලක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා එහි ආරම්භ පියවර තමයි වටවල වැනි ප්‍රදේශයක මෙම කාර්යාලය ආරම්භ කිරිමට පියවර ගැනිම.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික  අයිතියක් තමයි තමන්ට තියෙනදේ අනුන්ට දිම දැන් බලන්න ජනාධිපතිධුරය අයින් කරනවා කියලා කිදෙනෙක් ආවද එත් කවුද අයින් කලේ ටිකක්වත් අයින් කලේ මෛත්‍රිපාල සිරිසේන මහතායි අවුරුදු හයක් තිබුන මුක්තිය අවුරුදු පහක් කලා මේ රටේ කොමිසන් පත් කලා නිදහසේ වැඩ කරන්න අනික් අය එහෙමවත් කලාද නැහැ නේද.

මෙහිදි ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සදානන්දන් තිරුමුරුගන්, මස්කෙළිය ශ්‍රිලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි.රණසිංහ, ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ආසන ද්‍රවිඩ සංවිධායක සුන්දරරාජ් ප්‍රභාහරන් යන මහත්වරුන්ද කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts