පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට – කාන්තා නියෝජනයත් වැඩි කරයි

Local government elections

කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව නියෝජිතයින් සියයට 60 ක් කේවල ක්‍රමය යටතේද සියයට 40ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ සාකච්ඡා විය.

එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳවද මෙහිදී සාක්ච්ඡා විය.

More Stories