ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා විශේෂිත ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ විශේෂ නියෝග හා උපදෙස් පරිදි මෙම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කර ඇත.
පාතාල කල්ලි සාමාජිකයින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, නීති විරෝධි අවි භාවිතා කරනු ලබන්නන්, මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කරුවන් පාරිසරික වැරදි හා වෙනත් වැරදි කරන්නන් පිළිබඳ වු නිවැරදි තොරතුරු මෙහිදි මහජනතාවගෙන් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
011 – 2580518 හා 011 – 2058552 යන දුරකථන අංක ඔස්සේ ද, 011 – 2588489 ෆැක්ස් අංකය ඔස්සේද නැතහොත් commandantstf@gmail.com යන විද්යුත් ලිපිනය ඔස්සේද මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම විශේෂ මැදිරිය වෙත මහජනතාව ලබා දෙන තොරතුරුවල රහස්‍යතාවය ආරක්ෂා වන බවත් එකී තොරතුරු අදාල විශේෂ කාර්ය බලකා කඳවුරු වෙත යොමු කොට විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
-ශානිකා මාධවී






