ඒ් පැත්තෙ ඉන්නව අති භායන රකුසෙක්, මම නම් බයයි ඒ් රකුසට, මම හිරගෙදර යන්න කැමති නැහැ. අපේ නෝනලත් බයයි ගෙදර අයත් බයයි. ඉතින් අපි ඔක්කොමල්ල බයයි. මම විශ්වාස කරන්නේ තමුන්නාන්සේලාත් බයෙන් ඉන්න කියල. අපි හැමෝටම තියන මෙන්න මේ බය නිසා මම තීරණය කළා සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්ද දෙන්න. මේ වෙලාවෙ කිසිම ස්වාධීන අයෙකුට ඡන්ද දීල අර රකුසව පරාජය කරන්න බැහැ.
මගේ ළඟම දන්න කෙනෙකුට ඉතාමත් කැත විදිහට බැන වැදුනා මේ රකුසා. මම ඒ නෝනව දන්නවා, දැන් ඒ නෝනා ලංකාවේ නැහැ. ඒ නෝන ඇහුවේ වෙන මොනවත් නෙවෙයි, බලු පැටියෙක් ගේන්න ප්ලේන් එකක් ගියාද? සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෝ ප්‍රශ්න අහනවනේ ඒ වගේ අහුවා.
ඒ වෙලාවේ ඉතාමක් තර්ජනාත්මක විදිහට බැන වැදිලා ‘බලු පැටියෙක් නෙවෙයි ඕනනම් අලියෙක් ගේන්නත් මට පුළුවන් තමුසෙට ඇති වැඩේ මොකක්ද?’ අන්න එහෙම කේන්ති ගන්න නායකයෝ හොඳ නැහැ. එහෙම ඒ තර්ජනාත්මක ස්වරයෙන් ඒකාධිපති වියරුවෙන් ඒ නෝනට බැන්න.
ඒ නෝන වැඩ කරේ ලසන්ත වික්රමතුංගගේ යටතේ. ලසන්න වික්රමතුංගව මරපු ගමන් ඒ නෝන බය වුණා. දැන් මුළු පවුලම ඉන්නේ ඇමෙරිකාවේ. නම ෆෙඩ්රිකා ජෑන්ස්.
තමුන්නාන්සේලාට මම කියන්නේ බියෙන්, වහල්භාවයෙන් බයෙන් ජීවත් වෙන්න මම කැමති නැහැ. මම නම් සජිත්ට ඡන්දය දෙන්නේ අන්න ඒ් බය නිසයි.
 
								





