jathika

ගෞරව නාම ලබාදෙන බව පවසමින් අයදුම්පත් යොමු කරනා ලෙස විවිධ පුද්ගලයන්ට දන්වමින් මුදල් වංචාකිරිමේ කූඨ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව මව්බිම පුවත්පතට අනාවරණය කර ගැනීමට හැකිවු අතර අනුරාධපුර පදිංචි මරංචි ජාවාරමුන් පිරිසක් මෙම ජාවාරම සිදුකරනා බවට තහවුරු කර ගැනීමට හැකිවිය.

දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයක වැඩවසනා හිමිවරුන්ගේ නාමයන් උපයෝගි කර ගනිමින් පුද්ගලයෙකු විසින් මුදල් වංචා කිරීම සිදුකරනා බවට ලැබුණු හෝඩුවාවකට අනුව එය මුදල් වංචාකිරිමේ කටයුත්තක් බව සැකහැර දැනගැනීමට හැකිවිය.

පුරාණ විහාරය මගලගොඩ වේයන්ගොඩ ලිපිනයේ වැඩවසන වී ධම්මකිත්ති නාහිමි නමින් දුරකථන අංක (0772276667) ඔස්සේ පෙනි සිටින වංචාකරා පුද්ගලයෙකු මුදල් රැස්කිරීම සිදුකරමින් සිටි.

සම්මාන උපාධි තක්ෂලාවේ සභාපති කැදවුම්කරු අධ්‍යක්ෂ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය අත්තුඩාවේ ධම්මානන්ද මහා ස්ථවීර (ගනේවත්ත පුරාණ විහාරය ගනේවත්ත) ලේකම් පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩහමුල්ලේ රථනපාල මහා ස්ථවීර (හත්බෝධි විහාරය ගොඩගම)යන නාමයන් යොදාගනිමින් මුදල් වංචාව සිදුවෙමින් පවති.

දේශපුත්‍ර දේශබන්දු ලංකා පුත්‍ර දේශකීර්ති ඇතුළු ගෞරව නාම සදහා පුද්ගලයන් තෝරාගත් බව කියමින් විද්‍යුත් ඊමේල් පණිවිඩ විද්‍යුත් මුදල් ඇනවුම් (පී.එම්.ටී) හා දුරකථන අංකය මගින් පුද්ගලයන් රවටමින් ඔහු වංචාවන් සිදුකරමින් සිටි.

ඔහු විසින් එවන ලද අයදුම් පත්‍රයක ඇති සියළුම විහාරස්ථාන වලට දුරකථන ඇමතුම් ලබාදිමේදි එම විහාරස්ථාන වල වැඩවසන ස්වාමින්වහන්සේලා කියා සිටියේ වී ධම්මකිත්ති නාහිමි යනුවෙන් කිසිදු ස්වාමින්වහන්සේ නමක් අදාල විහාරස්ථායන්හි වැඩ නොසිටින බවයි.

එමෙන්ම පුද්ගලයන් විශාල පිරිසක් ඇමතුම් ලබාදෙමින් ජාතික සම්මාන උළෙලක් පිළිබදව තමන්වහන්සේලාගෙන් විමසා සිටි බවත් එවැනි කිසිදු වැඩසටහනක් විහාරස්ථාන මගින් සංවිධානය නොකරනා බව උන්වහන්සේලා පවසා සිටියහ.

ජාතික සම්මාන උළෙලට තෝරාගත් පිරිස් ලියාපදිංචි කිරීම සදහා රුපියල් 3200ක මුදලක් කොරෝනා වසංගතය නිසා උපාධි ලෝගුව සදහා ලබාදිය හැකි ආධාර මුදලක් විද්‍යුත් මුදල් ඇනවුමක් මගින් ගෙවනා ලෙස අයදුම්කරුවන්ට සාමාන්‍ය තැපෑල මගින් යොමුකළ ලිපිවල සදහන්වේ.

මැයි මස 30 වනදා සම්මාන උළෙල කොළඹදි (ස්ථානයක් නැත)අති උත්කර්ෂවත් අන්දමින් පැවත්වෙන බවත්  මුද්‍රණ ගාස්තු පිත්තල ථලක තිළිනයන් පුවත්පත් දැන්වීම් පැමිණෙන සියළුම දෙනා සදහා ආහාර පාන සැපයීම සදහා විශාල මුදලක් වැයවෙනා බව වංචාකරුගේ ලිපියේ සදහන්වේ.එහෙත් සම්මානය නොමිලයේම පිදෙන බව එහි සදහන් කර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරු ත්‍රෛයිනිකායික මහනාහිමිවරු අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සම්මාන ලබාදෙන බව ලිපියේ සදහන්වේ.

මෙම සම්මාන උළෙල ව්‍යාජ එකක් බව අනාවරණය කර ගැනීමෙන් පසුව ධම්මකිත්ති නාහිමි ලෙස පෙනී සිටින මරංචි ජාවාරම්කරුට ඇමතුම් ලබාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහුට මව්බිමට උත්තර සැපයීමට පවා නොහැකිවු අතර පසුව දිගින් දිගටම අපවෙත ඇමතුම් ලබාගනිමින් පරුෂ වචනයෙන් බැණ වැදෙමින් කියා සිටියේ තොපි වගේ එවුන් එක්ක කිසිම වැඩක් කරගන්න බෑ යනුවෙනි.

සිද්ධිය අනාවරණය කර ගැනීමත් සමග වී.ධම්මකිත්ති නමින් විද්‍යුත් මුදල් ඇනවුම් යවා ඇති ඒවා ලබාගැනීමට මරංචි ජාවාරම්කරු කටයුතු කර නොමැති බව අනාවරණය කර ගැනීමටත් හැකිවිය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts