පොලිස් කොට්ඨාස 07කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8ට ඉවත් කිරීමට පියවර

curfew

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 07කට ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව, මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ මධ්‍යම කොළඹ යන පොලිස් කොට්ඨාස සඳහා ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත.

අද(09) උදෑසන 8.00න් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

More Stories