කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ  අවධානයට

කළුතර මැංගුස්වලට ප්‍රසිද්ධය. ඒනිසාම කළුතර විද්‍යාලය සහ කළුතර  තිස්ස විද්‍යාලය අතර 1949 වසරේ ඇරඹි ක්‍රිකට් තරගය හදුන්වන්නේද  “මැංගුස්  හටන “ලෙසය. එපමණක් නොව කළුතර  නගර සභාවේ ලාංඡනය පවා සකස්කර ඇත්තේ මැංගුස් ගෙඩියේ හැඩටය. එපමණටම කළුතර ජනතාව මැංගුස් වලටත්,  මැංගුස් නාමයට ආදරේය.

තවමත් අපට   මැංගුස්  පිළිබද කතා කළ හැකිය. ඒ තවමත් කළුතර මැංගුස් තිබෙන නිසාය. නමුත් තව නොබෝ කලකින්  වෙනත් ප්‍රදේශයකින් මැංගුස් කළුතරට ‍රැගෙනවිත් කළුතර මැංගුස් ලෙස අලෙවි කිරිමට සිදුවන බව කළුතර මැංගුස් වගා කරුවන් කියති.  කළුතර හැරුණුකොට රත්නපුරය, ගම්පහ, රත්නපුරය, මහනුවර ආදි දිස්ත්‍රික්ක කිපයක මැංගුස් වගා කෙරේ.කෙසේ වෙතත්  කළුතරින් මැංගුස් වගාව ක්‍රමයෙන් ඈත්වෙමින් තිබෙන  තිත්ත ඇත්ත පිළිගන්නට වගකිවයුත්තෝ  අකමැතිය.

මැංගුස් කළුතරින් සමුගන්නා බවට වසර කිපයක සිට අනතුරු අගවා ඇතත් තවමත් ඒ පිළිබද වගකිවයුත්තන්ගේ  අවධානය යොමුව නැතැයි  කළුතර මැංගුස් ගොවීන් කියති. මැංගුස්වලට කළුතර දශක ගනනාවක ඉතිහාසයක් තිබුණත් එම ඉතිහාසය තරමට දුරට පෙනෙන අනාගතයක් මැංගුස් වලට නැතැයි  වගා කරුවන් කියති. පළතුරු බෝග හා සම්බන්ධ ප්‍රධාන පෙලේ ආයතන කළුතර තිබුණත් ගතවු දශක තුන හතරක් තිස්සේ  මැංගුස් වගාව කළුතර ප්‍රචලිත කරන්නට තබා තිබෙන වගාවේ ලෙඩ දුකට පිහිට සොයා ගැනිම පවා ඉතා අපහසුයැයි”, ගොවින් කියති.

අනෙකුත් බෝග වගාවන් හා සම්බන්ධව බැලු විට කළුතර  මැංගුස් වගාව  විශාල ලෙස සිදුවන බවක් පෙනෙන්නට නැත. දක්ෂිණ අධිවෙිගි මාර්ගය දෙපස වැලිපැන්න සිට පානදුර දක්වා මැංගුස් වගා කිරිමට 2015 වසරේදි   කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තීරණය කර කණන්විල පළතුරු පර්යේෂණායතනයෙන් පැළ සැපයිමටත් යෝජනා විය.

නමුත් අධිවේගි මගේ යන එන විට තවමත්  මග දෙපස පෙනෙන මැංගස් වගාවක් නම් නැත. වගාවට නිළධාරින් බලධාරින්, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු නොතිබු යුගයක කළුතර මැංගුස් රට පුරා බෙදා හැරිමට හැකි පුළුල් නිෂ්පාදනයක්  විය.රෝග රැසකට දිව ඔසුවක් මෙන්ම පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මැංගුස්  කිසිම රසායනික ද්‍රව්‍යයක් එක්කළ නොහැකි පළතුරක් ලෙස ද ප්‍රසිද්ධය.

ගාලු පාරේ කළුතර පාලම් දෙක ආරම්භයේ සිට කිලෝ මිටරයක් තරම් කෙළඹ දෙසටවසර කීපයකට ඉහත  මැංගුස් තට්ටු විශාල ප්‍රමාණයක් දැක ගතහැකිවුවත් මේ වන විට  එම ස්ථානවල මැංගුස් තට්ටුවක් දෙකක් ප්‍රමාණයට මැංගුස් කළුතරින් සමුගෙන තිබේ.

උතුරු කළුතර එම්. ඩබ්ලිව්. කරුණාවත් මහත්මිය.

ගාල් පාරෙ පළතුරු විකුණන්න ඇවිල්ල දැං අවුරුදු  45 කට වැඩිි. හැම අවුරුද්දකම  මැයි මාසෙ ඉදල මාස දෙක තුනක් මැංගුස් වික්කා. ඒ කාලෙ මෙතනට මැංගුස්  ඔින තරම් ගෙනත් දුන්නා. දැන් මේ පලාතෙ මැංගුස් ගහක් නෑ. බදුරලිය, කලවාන, දිගන්න, වගේ ඈත පලාත්වලට ගිහිල්ල ගෙනල්ල ගෙඩියක් රුපියල් හතලිහට පනහටවත් දෙන්න බෑ. මැංගුස් කවුරුත් වගා කරන්නෙ නෑ. ගෙවතුවල වැවෙනව විතරයි.   කළුතර අපි ඉස්සර ආඩම්බරයෙන්  මැංගුස් වික්කා. දැන් ඇපල් විකුණනවා.

ශ්‍රිලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ කළුතර දිස්ත්‍රික් නියෝජිත / කළුතර දිස්ත්‍රික්  ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති.- ඒ. පි. අමරදාස මහතා.

කළුතර මැංගුස් වගාව ඉතා අවාසනාවන්ත තැනකට වැටිලා. අපේ දිස්ත්‍රික්කය රටට, ලෝකයට ගෙනයන්න තියෙන වගාවට කුඩම්මගෙ සැලකිල්ලවත් නෑ. දැනට තියෙන වගාවට වැළදිලා තියෙන “ ගම්බෝජ් “ නැති නම්  කිරි වෑස්සිමේ රෝගය නිසා  මැංගුස් වගාව එපා වෙලා ගිහිල්ලා. මැංගුස් ගෙඩිය මෝරන විය පිටතින්පුපුරල  කිරි වෑස්සිලා ඇතුල ඝණ වෙනවා.

මේ පිළිබද මම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙදිත්  විසදුමක් ඉල්ලා  හිටියා. එහිදි කළුතර දිසාපතිවරයත් එක පිළිගත්තා. නමුත් විසදුමක් නැහැ. අනෙකුත් බෝග වගාවන්ට සාපේක්ෂව මැංගුස් වගා කරන්න අපේ ගොවින් උනන්දු කරන වැඩපිළිවලක් නම් නෑ.

එම්. ආර්. ජයන්ත මහතා

තාමත් අපේ ප්‍රදේශයේ මැංගුස් වගාවක් ලෙස කරන්නෙ නෑ. ඉස්සර තිබුණ තරම්වත් දැං නැහැ. මේක අනෙකුත් පළතුරු පැළ බෙදනව වගේ බද්ධ පැළයක් ගොවීට දෙනව නම් ගෙවත්තක ගස් හත අටක් හිටවන්න පුළුවණි. ඒක අමතර ආදායමක් වගේම පිට රටටත් යවන්න පුළුවණි. දැන් මැංගුස් ගෙඩියක් රුපියල්  75 ක් විතර වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ඕනම ප්‍රදේශයකින් රටින් ගෙනා ඇපල්, නාරං  ගන්න පුළුවන් නමුත් මැංගුස් ගෙඩියක් හොයා ගන්න බැහැ.

හොරණ කණන්විල පළතුරුබෝග පර්යේෂණායතනයේ පළතුරු බෝග පිළිබද අධ්‍යක්ෂිකා – අංජලා වරුෂවිතාන මහත්මිය.

මැංගුස්වල “ ගම්බොජ්” රෝගය පිළිබද අපි   වර්ෂ කිපයක සිට පර්යේණ සිදුකළා. ඒවා සාර්ථක වුණා. මැංගුස් ඵලදාවට මේ තත්වය  තදින් බලපාල තියෙන බව ගොවි මහත්වරුන්ගෙන් තොරතුරු ලැබිල තියෙනවා. මේ පිළිබද පරික්ෂණසිදුකළ පාංශු විද්‍යාඥ වරියගෙන් තොරතුරු දැනගන්න පුළුවණි.

ප්‍රධාන කෘෂි විද්‍යාඥ ( පාංශූ විද්‍යා ) – කේ. රේණුකා මහත්මිය.

මේක රෝගයක්නෙමෙයි.භෞතික බලපෑමක්  හා පෝෂණ ගැටළුවක් යන දෙකම එකතුවෙලයි මේක ඇතිවෙන්නෙ.මේ පිළිබද කළුතර දිස්ත්‍රික්කයේ “ඒඅය්” මහත්වරුන්වත් පසුගිය කාලයේ දැනුවත් කළා. මල් මටගෙන ගෙඩි එන කාලය අතර කාලයේ පසේ ඇතිවන තෙතමන ගැටළුව සහ පෝෂණ ඌනතාවය මේකට බලපානවා. මල් කාලයේ සිට ගෙඩි හටගන්නා කාලයේදි වියළි කාලයක් තිබිල ගෙඩි මෝරනකොට වැස්ස ආවම මේ තත්වය ඇතිවෙනවා.එවිට කිරි නාල පුපුරා යනවා.

පසුගිය අවුරුද්දෙ සියයට අනුවක්ම හානි වුණා. මේ වසරේ ටිකක් අඩුයි.ගසේ පෝෂණ ඌනතාවයත් තිබුනොත් මෙික වැඩිවෙනවා. මල් හටගෙන ගෙඩි එන කාලය තුළ වසුනක් යොදා ජල පාලනය කළ හැකියි. මේකට පසේ තෙතමනය  ඒකාකාරිව පවත්වාගන යා යුතුයි. එහෙම නැතව රෝගයක්  නෙමෙයි.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….