srilanka-bangali

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සාජා පිටියේ පැවති තරගයේ ජයග්‍රහණයට ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජය හිමිකර ගත්තේ ය .

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20දී කඩුලු 04ක් දැවී ලකුණු 171ක් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ චරිත් අසලංක සහ භානුක රාජපක්ෂයි. ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ලට පන්දු 52කදී ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා.

චරිත් අසලංක පන්දු 49කදී නොදැවී ලකුණු 80ක් රැස් කළා.

භානුක රාජපක්ෂ පන්දු 38කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 53ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන මීලග තරගය ලබන 28වනදා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙනවා.

Similar Posts