Similar Posts
බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්රමසිංහපුර කොරෝනා රෝගීන් 13ක්
බත්තරමුල්ල කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්රමසිංහපුර යන ප්රදේශ තුළින් රෝගීන් 13ක් වාර්තා වූ බවත් වාර්තා වෙයි. කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර සහ නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම යන ප්රදේශයන්ගෙන් රෝගීන් 19 වාර්තා වී ඇත. මේ අනුව එම රෝගීන් ආශ්රිත පවුල් එකක 332ක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් වෙයි
යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්රයක් මඟින් ප්රකාශයට පත් කර තිබේ. අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත්. මේ අතර පසුගිය දා ගැසට් පත්රයක් මඟින් ප්රසිද්ධියට පත් කෙරුණු ප්රති ත්රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද කල් දමා තිබේ. පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාල තීරණය ගත්…
කුරුඳු වවන්නේ අපි ලාභ ලබන්නේ වෙළෙන්දෝ
ලුණුගල පල්ලේකිරුව ගම්මානයේ කුරුඳු වගා කරනා ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව පවුල් 200ක් පමණ අසරණ වී සිටින බවට ඔවුහු පවසති. ගම්මානයේ අක්කර දහසක පමණ ගොවීන් කුරුඳු වගා කර තිබෙන අතර රජයෙන් කිසිදු සහනයක් හෝ ආධාරයක් ගොවීන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් වගාවන් අතහැර දැමීමට සිදුව ඇතැයි ගොවීහු කියා සිටිති. මේ පිළිබඳව ඩී. උපාලි ගොවි මහතා මෙසේ…
හෝලි ඇරඹෙයි
ඉතාමත් වර්ණවත් උත්සවයක් වන හෝලි උත්සව සමය ඉන්දියාවේ උතුරුදිග මතුරා නගරයේ දී ආරම්භ වුණි. ක්රිෂ්ණ දෙවියන් සැමරීම උදෙසා පැවැත්වෙන හෝලි උත්සව සමයේ ආරම්භය මෙම උත්සවය මගින් සංකේතවත් කෙරෙයි. වර්ණවත් කුඩු විශේෂයක් බැතිමතුන් වෙත ඉසිමින් බැතිමතුන් දේවාලය වෙත පිළිගැනීමට හින්දු පූජකවරුන් කටයුතු කරයි. වාර්ෂිකව දින 40ක් පුරාවට පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ වසන්ත සැණකෙළි සමයයි.
විදේශීය බලවේග පරදා මිල වැඩි නොකල දේශීය කිරිපිටි සමාගම රැකගමු
නුවරඑලිය අඹේවෙල ප්රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය නගරයේ පිහිටි රාජ්ය…