ඉදිරි දින කිහිපය තුළ මුළු රටේ සියලු කටයුතු නතරවීමේ අවදානමක්

oil

ඉන්ධන සැපයීම මුළුමනින් අඩාලවීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මුළු රටේ සියලු කටයුතු අඩපණව නතරවීමේ අවදානමක් මතුව ඇත.
ඉන්ධන නොමැතිවීම නිසා පොදු ප්‍රවාහනය නතරවීමෙන් කාර්යාල කටයුතු හා අධ්‍යාපන කටයුතු කරගෙනයාමට නොහැකිවී යයි.

ආහාර බෙදාහැරීමද අඩාලවේ.විදුලිය ලබාදීමද සීමාවී යයි. මෙහි බරපතලම තත්වය වන්නට ඉඩ ඇත්තේ සෞඛ්‍ය සේවාවන්ට ඉන්ධන ප්‍රශ්නය බලපාන හැටිය. රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්නවීම් හා අකල් මරණ වාර්තා වුවහොත් සිදුවන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ඛේදවාචකයකි.

තවදුරටත් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැඳී සිටීම නිෂ්ඵල ක්‍රියාවක් බවත් රස්තියාදු නොවන ලෙසත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවට දන්වා ඇත.

බලාපොරොත්තු වූ පෙට්‍රල් නෞකාව මූල්‍ය ගැටලුවක් නිසා මඟ හැරීමත් සමඟ මෙරට තුළ පවතින ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහසකට පමණ අඩුව ඇති අතර එම ප්‍රමාණය බවුසර 20කටවත් පුමාණවත් නොවන බව වාර්තාවේ. සාමාන්‍ය දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4000ක් පමණ වුවද මේ දිනවල මෙට්‍රික් ටොන් 3200ක් පමණ කරමින් ගිය සැපයුමවත් ලබාදීමට නොහැකි තත්වයක් මතුවී ඇත.

මේ වනවිට පවතින මූල්‍ය ගැටලුව හේතුවෙන් මේ වනවිට ඇණවුම් කර ඇති පෙට්‍රල් සහ දැවිතෙල් නෞකාද සැපයීම අදාළ සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද මේ අතර වාර්තා විය.

තිබෙන ඩීසල්ද ප්‍රමාණවත්ව පවතින්නේ තවත් දින දෙක තුනකට බව වාර්තාවිය.

Related posts