ටෙස්ට්, අපිට අදාල නැද්ද ?

අද වන විට කොරෝනා වසංගය මුලු ලොවම ටිකෙන් ටික ගිලගනිමින් සිටී. ලෝකයේ රටවල් 207 ක් පුරා මෙම රෝගය ව්‍යෘප්තව ඇති බවට මේ වන විට වාර්තා වන අතර, ඉන් මිය ගිය ගණන 82,080 ක් බව කියවේ. ලොව පුරා රෝගීන් ප්‍රමාණය මේ ලියන මොහොත වන විට 14 ලක්ෂය ඉක්වා ඇති අතර මින් සම්පුර්ණ සුවය ලබා ඇත්තේ 302150 පමණක් බවයි වර්තා වන්නෙ.

මෙම වෛරයස ඉතා වේගයෙන් ලොව පුරා ව්‍යාප්තවන අතර ඊයේ දින පමණක් අලුතින් රෝගීන් 84,492ක් වාර්තා විය. ඒය ඊට පෙර දිනයට සාපේක්ෂව (73,135) රෝගීන් ඒකලොස්දාහකට වඩා වැඩි වීමකි. ඒමෙන්ම, ඊයේ මෙම වෛරසය හේතුවෙන් මිය ගිය ප්‍රමාණය 7369ක් බව වාර්තා වන අතර ඒයත් ඊට පෙර දිනය (5227) සාපේක්ෂව  දහස ඉක්මවා තිබේ.

මේ වන විට මෙම වෛරසය ඉතා සීග්‍රයෙන් පැතිරෙන රට බවට ඇමරිකා ඒක්සත් ජනපදය පත්වී තිබේ. ඊයේ දිනයේ දී පමණක් ඇමරිකාව තුළ අලුතින් රෝගීන් 33,331 ක් වාර්තා වී තිබේ. ඊයේ මිය ගිය ප්‍රමාණය 1970 ක් බවයි වාර්තා වන්නෙ. ඒමෙන්ම, ඇමරිකාව කොරෝනා රෝගීන් ලක්ෂ හතර ඉක්ම වූ පළමු රට බවට අද වාර්තා විය. සමුපුර්ණ මිය ගිය ප්‍රමාණය 12,841 දක්වා ඉහල ගොස් තිබේ.

නමුත්, විශේෂඥයින් පවසන්නේ ඇමරිකාව ලෝකයේ අනෙක් රටවල සාපේක්ෂව තම රට තුළ සිටිනා මෙම වෛරසය වැලදී ඇතැයි සැකකෙරන සියලුම දෙනා පරීක්ෂාවට ලක්කරමින් සිටින නිසා, ඉතා කෙටි කාලයක් තුළ තම රට තුළ සිටිනා සියලුම රෝගීන් හදුනා ගැනීමට හැකිවීමට පුලුවන් වී ඇති බවයි. ඒම නිසා ඔවුන්ගේ අන් අයට මෙම වෛරසය පැතිරීම පාලනය වී අනාගතයේ දී රෝගය පාලනය කිරීමට හැකි වන බවයි.

ඇමරිකාවේ ලක්ෂ හතරක රෝගීන් ප්‍රමාණයක් මේ වන විට සොයා ගෙන ඇති අතර ඒ් සදහා මිලියන දෙකකට වැඩි ප්‍රමාණයකට පරීක්ෂාවන් සිදු කර තිබේ. ඒ් අනුව වැඩිම පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකරන රට බවට ඇමරිකාව මේ වන විට පත්වී තිබේ.

මෙසේ පරීක්ෂණයන් සිදු කරන ලෝකයේ දෙවැනි රට බවට පත්වී තිබෙන්නේ ජර්මනියයි. ජර්මනිය තුළ රෝගීන් 107,663 සොයා ගැනීම සදහා පරීක්ෂන මිලියනටකට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇත.

මේ අනුව බලන කළ ලංකාව සිටින්නෙ කොතනද? වාර්තා වන ආකාරයට ලංකාවේ රෝහල් තුළ මෙම පරීක්ෂන සිදු කරනු ලබන PCR නමින් හදුන්වන පරීක්ෂන යන්ත්‍ර 56ක්  ඇති බව පැවසේ. ඒමෙන්ම, මේ මොහොතේ ඉන් උපයෝගී කරගන්නේ පරීක්ෂණ යන්ත්‍ර 7ක් පමණක් බවත් වාර්තා වේ. ඒමෙන්ම, දැනට ලංකාව තුළ මෙම වෛරස් පරීක්ෂණ 3,248 පමණක් කර ඇති බවයි වාර්තා වන්නෙ.

මේ අතර, පුද්ගලික අංශයේ හා වෛද්‍ය පීඨ වල ඇති සියල්ල ඒක්කල විට PCR යන්ත්‍ර 106ක් ශ්‍රී ලංකාව තුළ ඇති බවත් ඊයේ පැවති සාකච්ඡාවකදී විඥේෂඥ වෛදවරැ කණ්ඩායමක් පවසා සිටියාය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා වසන්නේ මෙම රෝගය වැලද ඇතැයි සැක කළ හැකි හාරදහසකට ආසන්න පිරිසක් මේ රට තුළ සිටින බවත්, ඔවුන් සියලුම දෙනා හැකි ඉක්මින් පරීක්ෂාවට ලක් කළ යුතු බව මීට සතියකට පෙර සිට රජයට අවධාරණයෙන් පැවසූ බව වෛද්‍ය පාදෙනිය මහතා පැවසීය.

මෙම අදහස ඉතා වැදගත් බව අපට පෙනී යන්නේ දැනට නිරෝධායනයට ලක්කර නිවසට යැවු පුද්ගලයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට සොයා ගැනීමත් සමගය. ඒ් නිසා මෙම රෝගය වැලදී රෝහල් වෙත පැමිණෙන තෙක් බලා නොඉද දැනට අප සතුව ඇති උපකරණ සියල්ල භාවිතා කරමින් සැක සහති සියලුම දෙනා වහාම පරීක්ෂණයන්ට භාජනය කිරීම රජයේ ප්‍රධාන වගකීමකි.

දැටනමත් මෙම වෛරසයට ගොදුරැ වී ඇතැයි සැක කෙරෙන සමහර රෝගීන් ප්‍රථිකාර ලබා ගැනීම සදහා ඉදිරිපත්  නොවීම නිසා, සමහරැ තමන්ට වෛරසය වැලදී ඇති බව දැනගෙන රෝහල් වලින් පැණ යාමත් නිසා මෙම රෝගය විශාල වශයෙන් සමාජයේ පැතිරයාමට හැකියාවක් තිබේ. ඒම නිසා කොරෝනා වෛරසය තව දුරටත් පැතිරීම වැලැක්වීම සදහා සැක සහිත පුද්ගලයින් හබා ගොස් පරීක්ෂණ සිදු කර අවශ්‍ය පියවර නොගත හොත් ලංකාවත් ඉතාලියක් වීම වලක්වාගත නොහැකි වනු ඇත

Related posts