මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ

pasu

මේ සිස්ටම් ෆේල් එකට උත්තරය සුනඛ ඝාතනය නොවේ වර්තමානයේ ජලභීතිකා එන්නත නොමැති වීම මත අසරණ සුනඛයන්ගේ ජීවිත අනාරක්ෂිත වෙමින් පවතින පසුබිමක ඒ සම්බන්ධයෙන් මෙම අදහස් පළ කරන පශු වෛද්‍ය චමිත් නානායක්කාර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශු වෛද්‍ය විද්‍යාවේදී උපාධිය (ගෞරව) හිමි කරගෙන 2000 වර්ෂයේ සිට පශු වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය වෘත්තිකයෙකි.

ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛයන් මැරීම නැවැත්වීමේ ව්‍යාපාරයට පුරෝගාමී දායකත්වයක් ලබා දී තිබේ.1970 ගණන්වල සිට ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛ ගහනය අඩු කිරීම සඳහා රජය වසරකට සුනඛයන් 100,000 ක් ගෑස් දමා මරා දමනු ලැබිණ.2005 වසරේ දී ශ්‍රී ලංකාවේ සුනඛගහනය අඩු කිරීම සඳහා එතෙක් ක්‍රියාත්යමකළ සුනඛයන් මැරීම නැවැත්වීමේ ”නොමැරිය යුතුය” යන ප්‍රතිපත්තියක් රජය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෛද්‍ය චමිත් එක් වූ ව්‍යාපාරය සාර්ථක විය.

ජලභීතිකා රෝගය මාරාන්තික වන අතර රෝගයේ වාහකයා ප්‍රධාන වශයෙන් සුනඛයන් වන අතර ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සුනඛ ගහනයෙන් 70%කට එන්නත් ලබාදිය යුතු විය. එදා මෙදා පාලකයන්ට ශ්‍රී ලංකාව ”ජලභීතිකාවෙන් තොර” රටක් බවට පත් කර ලීමට නොහැකි වීම මත 2005 වසරේ රජය ගෙන ”නොමැරිය යුතුය” ප්‍රතිපත්තියෙන් පසු සුනඛ ගහනය මෙන්ම ජලභීතිකා රෝගයෙන් ප්‍රධාන වශයෙන් කුඩා ළමුන් සහ කාන්තාවන් මිය යන සංඛ්‍යාව ද වැඩි විය. එබැවින් ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා රජය සුනඛ ගහනය පාලනය කිරීමේ මානුෂීය උපාය මාර්ග සොයන්නට විය.

වෛද්‍ය චමිත් 2007 වර්ෂයේදී රජය විසින් අනුමත කර ක්‍රියාත්මක කරන ලද වන්ධ්‍යාකරණ හා එන්නත් කිරීමේ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවෙන් ජල භීතිකා රෝගය තුරන් කිරීමේ යෝජනාව සහ ආදර්ශය ඉදිරිපත් කළ රජය පත් කළ කමිටුවේ සාමාජිකයෙකි. එමෙන්ම ඔහු මානුෂීය ක්‍රම මගින් සුනඛ ගහනය පාලනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා වන්ධ්‍යාකරණ සහ එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ පුරෝගාමී සංවිධානය වන සත්ව ජනගහනය පිළිබඳ මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ උපදේශකයෙකි. සුනඛ ජීවිත අනාරක්ෂිත වීම පිළිබඳව පශු වෛද්‍ය චමිත් නානායක්කාර අදහස් පළ කරනුයේ මෙලෙසිනි.

රටක සිස්ටම් එකක් අර්බුදයකට යන කොට මේ රටේ තියෙන සියලුම ක්‍ෂේත්‍රවලට ඒ අවුල බලපානවා. ඇත්තටම තියෙන අවාසනාවන්තම කාරණය තමයි දැන් මේ වෙන කොට මිනිස් ජීවිත වලට වඩාත් නරක විදියට බලපාපු මේ රටේ තියෙන සිස්ටම් ෆේලියර් එක. ඒක මේ වෙනකොට අහිංසක සත්තුන්ගේ ජීවිත වලටත් බලපාන්න පටන් අරන්. දැන් මේ වෙන කොට මානව ජලභීතිකා එන්නත් කොටින්ම කියනව නම් බල්ලෙක් සපා කෑවට පස්සෙ අපි ඉස්පිරිතාලෙට ගියාට පස්සෙ ගහන්න තියෙන එන්නත අඩුවීම හිඟවීම නිසා ඇත්තටම රට ඇතුලෙ ජලභීතිකා රෝගය හැදිල යම්කිසි රටේ මරණ සංඛ්‍යාව වැඩිවීම පිළිබඳව යම්කිසි සැකයක් මතුවෙලා තියෙනවා.

සතුන්ට ආදරේ කරන්නෙ නැති ඒ වගේම පසුකාලෙ ලේසි ක්‍රම වලට උත්තර හොයන්ඩ සූදානම් වෙච්චි; ඒ වගේම මේ ලෝකෙ තමන් විතරක් ජීවත් වෙන්න පුළුවන් කියල හිතන මිනිසුන් මේ වෙලාවෙ ඇත්තටම අර ඉස්සර ක්‍රමයටම සුනඛයන් මරා දමන්ඩ ඕන කියන තැනක ඉඳලා යම් යම් වීඩියෝ සහ යම් යම් පෝස්ට් ෂෙයා කරනවා දැක්කා. මම කියන්නෙ මානවයාට තියෙන ලොකුම දේ තමයි අනිත් මිනිස්සුන්ට සතුන්ට වැඩිය වෙනස් විදියට හිතන්න පුළුවන්කම. ඒ වගේම මානව දයාව ආදරය මත තමයි මේ ලෝකෙ පවතින්නෙ.

එතකොට මිනිසා අර්බුදයකට යන කොට මිනිසා විසින් නිර්මාණය කරපු අර්බුදය මත නැවත වාරයක් මේ පරිසරය මේ මිහිතලය අයිති අනික් සතුන් විනාශ කරලා මිනිසා වගේ විතරක් රැකෙන්න අපි උත්සාහ කරනව නම් මං හිතන්නෙ ඉතාම නින්දිත වගේම ඉතාම ම්ලේච්ජ ක්‍රියාවක්. අපිට ඇත්තටම උත්තර තියෙනවා. මානව ජලභීතිකා එන්නත් හිඟවීම නිසා යම් විදිහකට රෝහල් ගත වුණොත් එහෙම ජලභීතිකාව තියෙන රෝගියෙක් ඇත්තටම ඒ සතා සහ ඒ පුද්ගලයාට යම්කිසි ගැටළුවක් තියෙනව.

හැබැයි අපිට ඇත්තටම මේක වලක්වා ගන්නෙ කොහොමද? කියල ක්‍රමවේදයකුත් තියෙනවා. ෆේල් වෙච්ච සිස්ටම් එකක් ඇතුලේ ඉන්න මිනිස්සු විදිහට අපි එකට එකතු වෙලා මේ ෆේල් වෙච්ච සිස්ටම් එක ඇතුලෙ අපේ තියෙන ක්‍ෂේත්‍රයන් බේරා ගැනීමේ මෙහෙයුමක අපිට නිරත වෙන්ඩ සිද්ධවෙලා තියෙනවා. ඒ මේ සිස්ටම් එක බේරා ගැනීම වෙනුවෙන්ම නෙවේ. අපි එකිනෙකා සහ අපි අවට ඉන්න මේ සත්තුන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණ මත. ඒ නිසා මේ වෙලාවෙදි ඇත්තටම අපිට කරන්න පුළුවන්; සතුන්ට ආදරේ කරන අය විදිහට අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ජලභීතිකා මර්දනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවුරුදු විස්සක පමණ අද්දැකීම් තියෙන පශු වෛද්‍යවරයෙක් හැටියට මම කියන්නෙ අපිට මේකට උත්තර ගණනාවක් තියෙනවා.

ඒකෙ තියෙන පළවෙනි උත්තරය තමයි ලංකාවේ දැනට පසුගිය කොරෝනා රෝගයට කලින් ලංකාවේ සුනඛයන්ට අපි ජලභීතිකාවට එරෙහි එන්නත් ලබා දුන්නා ලක්ෂ දාහතරක් ලක්ෂ දහතුනක් විතර ප්‍රමාණයක්. හැබැයි කොරෝනා වසංගතයත් එක්ක අපිට තියෙන ඒ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පහසුකම් වල අඩුව නිසා ඇත්තටම ඒක ලක්ෂ එකොලහකට දොලහකට වගේ ප්‍රමාණයකට බැස්සා.හැබැයි අපිට පුළුවන් නම් මේ සුනඛයන්ට ගහන එන්නත් ප්‍රමාණය ලක්ෂ දාහත දහ අට දක්වා වර්ධනය කරගන්න අපිට පුළුවන්; කොහොම හරි කරල මේ සත්තුන්ගේ ඇතුලෙ තියෙන වෛරස් එක වලක්වා ගන්න.

මේ සුනඛයන් සපා කෑවත් ජලභීතිකා රෝගය වැළදීමට තියෙන සම්භාවිතාව අඩුකර ගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ නිසා පුරවැසියෝ විදියට ජනතාව විදිහට සත්තුන්ට ආදරේ මිනිස්සු විදිහට අපිට තියෙනව මේ වෙලාවෙ කරන්න තියෙන කාර්යභාරයක්. ඒ තමයි අනිවාර්යයෙන්ම ඔබේ නිවසේ සිටින සුනඛයා එන්නත් කර ගන්න ජලභීතිකා රෝගයට එරෙහිව. ඒක ඔබේ පරම යුතුකමක්.
ඒක ඇත්තටම විශේෂයෙන් සෛඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කරපු නොමිලේ ඒ වැඩසටහන් තියෙනවා. ඒ වගේම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ වැඩසටහනුත් මේ සම්බන්ධයෙන් තියෙනව.

ඒ වගේම අපි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යෝජනා කරනව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතු මේ එන්නත් ලබා ගෙන නොමිලේ තමන්ගේ කාර්යාලවලදී මෙය ජනතාවට ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළින් පුංචි පුංචි කඹ ඇදීම් තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ වැඩසටහන ගොඩ යනවට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ සමහර අය කැමති නෑ පසුගිය කාලෙ වෙච්ච අර්බුදත් එක්ක. හැබැයි මේක ජාත්‍යන්තර අර්බුදයක්.

හැබැයි මේක මේ වෙලාවෙ රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ තියෙන්නෙ. ඒ හින්ද මං විශ්වාස කරනව මිනිසුන්ට ආදරේ කරන සතුන්ට ආදරේ කරන අපේ පශු වෛද්‍ය වරු එකට එකතු වෙලා මේ වෙනකොටත් දකුණු පළාත් සභාවේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කරන විදිහට මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ එන්නත් ලබා ගෙන ඇත්තටම මිනිස්සුන්ට නොමිලේ පශු වෛද්‍ය කාර්යාලවල මේ ජල භීතිකා එන්නත් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ වෙනකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඒගොල්ලන්ගේ තිබෙන මානව සම්පත් වල හිඟකම නිසා ඒගොල්ලන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණ තිබුණත් මේ ලක්ෂ දාහතක එන්නත්
කිරීමේ ඉලක්කයකට යන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අසමත් වෙලා තියෙනවා.

සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උදව් කරනව නම් ඇත්තටම මේ ප්‍රමාණය අපිට ලක්ෂ දාහත දහ අට ප්‍රමාණයට අරන් එන්න පුළුවන්. ඒකෙන් අපිට මේ සතුන්ට ජලභීතිකා රෝගය වැලැක්වෙන එක අඩුවෙලා ලංකාවේ මිනිස් මරණ ඉස්සරහට වෙන්න තියෙන අර්බුදය අඩු කර ගැනීමට ඒක මහත් පිටුවහලක් වෙනවා.

ඒක වගේම මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනව මේ වෙනකොට ඇත්තටම ගොඩක් වෙලාවට වෙනත් සත්ව සුභසාධක සංගම් ඇතුළු ගොඩක් වෙලාවට මේ ලංකාව ඇතුලෙ ජල භීතිකා රෝගය තුරන් කිරීමේ විශේෂ වැඩසටහන් සකස් කරනව ඒ ගොල්ලො එන්නත් කරන වැඩ සටහන් වගේම ඒ ගොල්ලො සුනඛයන් වඳ කිරීමේ වැඩසටහනුත් ලංකාවේ ගොඩක් පැතිවල ක්‍රියාත්මක කරනව ඒ නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඒ සංවිධානත් එක්ක එකතු වෙන්න පුළුවන් නම් ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ තියෙන එන්නත් යම් ප්‍රමාණයකට දැනට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කර ගන්න බැරි පැති වල න්ම් සත්ව සුබ සාධක සංගම් වල ස්වේච්ඡා සේවකයන් යොදා ගන්න පුළුවන් නම් පුහුණු අය මේ වැක්සින් ටික ගන්න මං හිතන්නෙ ඒකත් උත්තරයක් වෙයි.

ඒ වගේම මං ජනතාවගෙන් ඉල්ලනව දැන් ඉදිරියේදී ඇත්තටම අනවශ්‍ය පැටව් බෝවීම කියන එක ලොකුම අර්බුදයක්. ඇත්තටම මේ රජය අසමත් වෙලා තියෙනව රටේ ගොඩක් ප්‍රශ්න විසඳන්න. ඒ හින්ද මේක රජයෙන් බලාපොරොත්තු වෙන්න බෑ වගේම මේක රජයට ඇගිල්ල දික්කළා කියල මේ සතුන්ගේ ජීවිතත් මිනිස්සුන්ගේ ජීවිතත් බේරගන්න වෙන්නෙ නෑ. ඒ හින්ද මේ වෙනුවෙන් පුරවැසියො විදිහට ජනතාව විදිහට අපි එකතු වෙන්න ඕන සත්ව ප්‍රේමීන් විදියට.

ඒ නිසා මං කියන්නෙ අපිට පුළුවන් නම් ඔබ ගෙවල් අවට ඉන්න සුනඛ ගැහැණු සත්තු අනිවාර්යෙන්ම අරගෙන ගිහිල්ලා පසු වෛද්‍ය කාර්යාලයෙන් ගිහිල්ල පෞද්ගලික පශු වෛද්‍ය නිලධාරියෙක්ගේ සායනයකට ගිහිල්ලා මේ සත්තු අනිවාර්ය වඳ සැත්කම කරගන්න.මොකද? ඉදිරියේදී බැරිවෙලාවත් මේ ෆේල් වෙච්ච සිස්ටම් එක ඇතුලෙ තීන්දුවක් ගත්තොත් නැවත වාරයක් බලු වෑන් අරන් ඇවිල්ල මේ බල්ලො ටික මරනව කියල එදාට ඔබට මට ඒක නතර කරන්න අමාරු වෙයි. ඒ හින්ද අපි ඒ ප්‍රශ්නෙ වෙන්න කලින් ඒ වගේ මෝඩ තීන්දු ගන්න කලින් අපි මැදිහත් වෙලා මේ ප්‍රශ්නයට උත්තර සෙවිය යුතුමයි.

ආණ්ඩුව ෆේල් වුණාට පුරවැසියො විදිහට අපිට ෆේල් වෙන්න බෑ. අපිට මේක අනිවාර්යෙන්ම මේ සත්තුන්ව බේර ගැනීමේ වගකීම තියෙනවා. මොකද අනික් කාරණය තමයි පහුගිය කාලෙ ඕගොල්ලො දන්නව මේ රටේ තියෙන එන්නත් ලබා දීමේ වැඩසටහන් වගේම අයාලේ යන සුනඛයන් වද සැත්කම් කිරීමේ වැඩසටහනුත් පසුගිය කාලෙ පැවැත්වුණා. ඒ වැඩසටහන් තුළින් සත්තු ලක්ෂ ගාණක් මේ වෙනකොට වඳ සැත්කම් කරල එන්නත් ලබා දීල තියෙන්නෙ. ඒ සත්තු ඕන තරම් පාරෙ නිදැල්ලෙ ඉන්නව. අපි ඉන්න පාරෙ නිදැල්ලෙ හැසිරෙන සත්තුන්ගෙන් බහුතරයක් ඒ සත්තුන්ට අයිතිකාරයො ඉන්නව.

මොකද අපේ රටේ මිනිස්සු සත්තුන්ව කූඩුවල දාලවත් එහෙම නැත්නම් බැඳලවත් තියන්නෙ නෑ. ඒ සත්තු නිදහසේ ඉන්නෙ. ඒ නිසා ගොඩක් සත්තුන්ට එන්නත් කරල තියෙන්නෙ. ලංකාවෙ ඉන්නෙ අයාලෙ යන සත්තු කියල 3% ක් වගේ ප්‍රමාණයක්. ඉතාම අඩුප්‍රමාණයක්. ඒවත් මේ සත්තු ගොඩක් වෙලාවට ඉන්නෙ නගර ආශ්‍රිතව ඉතින් අපි එකට එකතු වෙමු. මේ සත්තුන්ගේ ජීවිත බේර ගන්න පුරවැසියො විදිහට සත්ත්ව ප්‍රේමීන් විදිහට අපි එකට එකතු වෙමු.

එකතු වෙලා අනිවාර්යෙන්ම මේ අභියෝගය ජයග්‍රහණය කරමු. මොකද ෆේල් වෙච්ච සිස්ටම් එකක් ඇතුලේ මිනිස්සු එකතු වුණේ නැත්නම් මිනිස්සුන්ගේ ජීවිතත් අනිවාර්යෙන් ෆේල් වෙනව. ඒක නිසා අලුත් සිස්ටම් එකක් හදන්න කලින් අපිට එකතු වෙලා අපේ ජීවිත වගේම සත්තුන්ගේ ජීවත රැක ගැනීමේ වගකීමක් තියෙනව. ඒක නිසා අපි එකට එකතු වෙමු. අනිවාර්යෙන් මේ සත්තුන්ගේ ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් අපි මැදිහත් වෙමු.එකට එකතු වෙලා එකට වැඩ කරමු.

පශු වෛද්‍ය චමිත් නානායක්කාර

vinivida

Related posts