අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් හෝ දල්වමු !

pahana
ශ්රී ලංකාව වර්තමානයේ උග්ර ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇතිබව අප සියලු දෙනාම හොඳින්ම දන්නා කාරණයකි. මේ අර්බුදයට නිදහසෙන් පසු ⁣ලංකාවේ පාලනයට දායක වූ පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ට වගකීමක් ඇති බව අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණයකි. එසේම මේ අර්බුධයට රටේ ජනතාවටද වගකීමක් ඇත.
ඊට හේතුව ලංකාවේ ජනතාව තුල පවතින යැපුම් මානසිකත්වයයි. බහුතරයක් දෙනා බලා සිටින්නේ තමන්ට දෙයක් නිකන් ලැබෙනතුරුය. තමන් මහන්සිවී උපයාගැනීමට බහුතරයක් ලාංකිකයන් අකමැතිය.
ලංකාවේ මහපොළොව සැබැවින්ම නිධානයකි. නමුත් වර්තමානයේ එවැනි නිධානයක් උඩ සිටගෙන අනෙකාට අතපාමින් හූල්ලන ජාතියක් බවට ලාංකිකයන් පත්ව ඇත්තේ කම්මැලිකම නිසාවෙන්ය. ඕනෑම භෝගයක් වගාකිරීමට සුදුසු කාලගුණික සහ දේශගුණික තත්ත්වයක් ලංකාවේ තිබේ.
ශීත රටවල පමණක් හැදෙනා ඇපල්, දොඩම්, මිදි වැනි පළතුරු පවා ලංකාවේ සාර්ථකව වගා කළ හැකි බව වර්තමානයේ ඔප්පු වී හමාරය. ඒ දේවල් පසුපස හඹා⁣ගොස් පරීක්ෂණ පවත්වා සාර්ථක වූ ගොවිමහතුන් ලංකාවේ සිටී. නමුත් බහුතරයක් ලාංකිකයන් කම්මැලිකම නිසා තමන් මහන්සි වී දෙයක් කිරීමට උත්සාහ නොකරති.
කොවිඩ් වසංගතය නිසාවෙන් පසුගිය කා⁣ලයේ මාස ගණන් රට වසාගෙන සිටීමට සිදු විය. ඒ කා⁣ලයේද ආනයන සීමා වී තිබුණත් අද තරම් ආහාර පිළිබඳ ගැටළුවක් ⁣ඒ කාලයේ නොතිබුණි. ඊට හේතුව ඒකා⁣ලයේ බහුතරයක් නිවෙස් වල මිරිස් පැල කිහිපයක් හෝ වගාකර එදිනෙදා ආහාර අවශ්යතාවයට සරිලන පරිදි එළවලු, පළතුරු තම ගෙවත්තේම වගා කරගත්හ.
නමුත් අද වන විට⁣ නැවතත් ජනතාව ගෙවතු වගා වලින් ඈත් වී ඇතිමුත් ගෙවතු වගා ක්රමයට යොමු විය යුතුම කාලයක් අද අපි පසුකරමින් සිටී. වර්තමානයේ ලෝකයම මුහුණ දී සිටින ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අපට ඇති එකම විසඳුම හැකි සෑම තැනකම කුඩාව⁣ට හෝ වගා කිරීමයි. අපි අදම පටන් ගමු නැවත මේ රට පෙරදිග ධාන්යාගාරය බවට පත්කිරීම අපට එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.
සංදේශය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….