ජනවාරි පළමුවනදා සිට මෙරට අත් යන්ත්‍ර සහ බතික් රෙදි පිළි කර්මාන්තයට නව පනක් ලැබෙන, රාජ්‍ය සේවකයින්ට අළුත් හැඩක් ලැබෙන නව පනතක් ගෙන එන්නට බතික් , අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් පිළිබද අමාත්‍යවරයා කටයුතු කරමින් තිබේ.

පසු ගිය කාලය පුරා දේශිය රෙදිපිළි කර්මාන්තය වල පල්ලට ඇද දමින් විදේශිය රෙදි පිළි කර්මාන්තය නගා සිටුවීම හේතුවෙන් මෙරට බතික් කර්මාන්තය බොදවී අත් යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය බලධාරීන්ගේ අත පල්ලෙන් වැටුණා. යැයි දේශීය රෙදි පිළි කර්මාන්ත කරුවන් කියති.

නව ඇමතිවරයා දේශිය රෙදි පිළි කර්මාන්තයට නව සළු පිළි අන්දවන්නට ගන්නා උත්සාහ අගය කරන දේශිය රෙදි පිළි කර්මාන්තකරුවන් තවමත් ප්‍රශ්න රැසක සිරවි සිටින බව කියති.

දශක කීපයකට ඉහත දී මෙරට අත් යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ විශාල දියුණුවක් තිබුනද විවෘත්ත ආර්ථිකයත් සමග විදේශිය රෙදි පිළි වලින් දේශිය රෙදි පිළි කර්මානතය වැසී ගියා යැයි හැත්තෑව දශකයේ රෙදි පිළි කර්මාන්තයේ නියැළි පිරිස් කියති.

 

බුලත්සිංහල අමරාවතී මහත්මිය

හැත්තෑ ගනන්වල අත් යන්ත්‍ර රෙදි කර්මානතශාලා විශාල ප්‍රමාණයක් තිබුණා. මමත් ඒවයේ වැඩකළා. නමුත් පසු කාලිනව ඒක විනාශ වෙලා ගියා. රජයන් අත දුන්නෙම නෑ. ගාමන්ට් ක්‍රමයත් එක්ක අත්යන්ත්‍ රෙදි වියන්නත් පිරිස නැතුව ගියා.

අද තියෙන ලොකුම ප්‍රශ්නය මේකට තරුණ පිරිස ගෙන්වා ගැනීමයි. දැනටත් බස්නාහිර පලාතෙ වැඩිම අත්යන්ත්‍ර රෙදි මධ්‍යස්ථාන ප්‍රමාණයක් තියෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයෙයි. නමුත් තාම රෙදි වියන්න ඉන්නෙ වයසක අය විතරයි. ලැබෙන දිමනාව මදි නිසා තරුණ අය ගාමන්ට් යනවා. ගොඩක් මධ්‍යස්ථාන වහල දාපු ඉස්කොල නැතිනම් පාළුගොඩනැගිලිවල නිසා පහසුකම් නෑ.

බුලත්සිංහල මහගම ප්‍රදේශයේ අත්යන්ත්‍ර රෙදිපිළි මධ්‍යස්ථානයක උපදේශිකාවක් කීවේ දැනට දිමනා ඉහල දැමීමටත්, තරුණ කණ්ඩායම් බදවා ගැනිමටත් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් තිබෙන බවය.අගලවත්ත, බෙල්ලන ප්‍රදේශයේ අලුතින් මධ්‍යස්ථානයක් පවා විවෘත්ත කළ බවය.

කළුතර ස්වර්ණලතා ගුණවර්ධන මහත්මිය

අපේ අත්කම් රෙදි ගුණාත්මකව ඉහල නමුත් ඉන්දියන් එකට වඩා මිල ඉහලයි. අනෙත් අතට අපේ අත්කම් සදහා හොද ප්‍රචාරාත්මක වැඩසටහන් නෑ. අලෙවි මධ්‍යස්ථාන අඩුයි. මේ කර්මාන්තය දියුණු කලොත් අපට විශාල රැකියා ප්‍රමාණයක් ලැබෙනව. ඒ සමගම ඉන්දියන් අත්කම් හා ආනයනික බතික් ආදියට බදු පනවා දේශිය දේ සදහා සහන ලබා දිය යුතුයි.

බේරුවල , මැහිමුල්ලේ – ටී. විජේදාස මහතා

අපි මේ බතික් වැඩපලකරගන යන්නෙ සමෘද්ධියෙන් ලබා දුන්න ණය මුදල නිසයි. සමෘද්ධි අංශයෙන් අපට අත දුන්නත් ප්‍රශ්න තියෙනවා.මේ බතික් වැඩපල කරගන යන්නෙ කිසිම පහසුකමක් නැතිවයි. අපි හදන බතික් ප්‍රමිතිය ඉතා ඉහලයි. නමුත් තීන්ත. රෙදි ආදිය සදහා ලොකු කොම්පැණිවලට සහන ලැබුනත් පුංචි අපට සහනයක් නැ.

මැහිමුල්ලේ මේර් ශ්‍රියංගනි මහත්මිය

සමාද්ධි වයාපාරයෙන් අපට අත දිල කරගන යන මෙවැනි කර්මාන්ත වලට නව රජයේ මේ නව වැඩසටහන ඉතා හොදයි. බතික් අදින්න පිරිස පෙළඹවිම කලයුතුයි. අපට පහසුකම් දුන්නොත් අඩු මිලය ඉතා ඉහල ප්‍රමිතියේ බතික් ඇදුම් හදන්නත් පිරිසකට රැකියා දෙන්නත් පුළුවණි. ඇමතිතුමා දක්වන උනන්දුව නිළධාරීන් සොයා බලා අප වැනි සුළු පරිමාන කර්මාන්තකරුවන් දිරිගැන්විම කළ යුතු වෙනවා.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

 

Similar Posts