daily mirror lk

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය 2003 පෙබරවාරි මස එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්වීමෙන් පසුව එම ස්ථානයට පත් පළමු ශ්‍රී ලාංකිකයා වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු  (04 ) සමත් වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග අංශයේ අංක එකේ පිතිකාරිණිය ලෙස චමරිගේ නම සටහන් විය. ඇය ඉදිරියේ ප්‍රසාද ලකුණු 758 ක් සටහන්ව තිබූ අතර ඒ අනුව වසර විස්සකට පසුව ශ්‍රී ලංකා නාමය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පළමුවැනි ස්ථානයට පත්විණි.

 

daily mirror lk,dailyreporter

Similar Posts