පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්

වර්ෂ 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදා වූයේ අඳුරු කාලයකි. විශේෂයෙන් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව වසර ගණනාවකට අහිමි ව යන ලදී.

කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගන වෙත යොමු කෙරිණි. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමටද පාකිස්තානයෙන් ඩුබායි හා අබුඩාබි වෙත ගමන් කිරීමට සිදු විය.

මෙම තත්වය ආපසු හරවාගෙන යළි ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පැමිණෙන තත්වයක් නිර්මාණය කර ගැනීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට මෙන්ම රජයටද ඉතා විශාල වෙහෙසක් දැරීමට සිදු විය. ඔවුන්ට කෙසේ හෝ වර්ෂ 2015දී සිම්බාබ්වේ සමග තරගාවලියක් සංවිධානය කර ගැනීමට හැකි විය. ලෝක කණ්ඩායමක් සමගද තරගයක් වර්ෂ 2017දී සංවිධානය විය. මේ සියලු දේ සිදු කලද තත්වය යහපත් නොවුණි. වර්ෂ 2017දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ටෙස්ට් එක්දින හා 20-20 තරගාවලියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සංවිධෘනය කර තිබුණි. මෙහිදී පාකිස්තානය ශ්‍රී ලංකාවට යෝජනා කළේ එක් 20-20 තරගයක් හෝ පාකිස්තානයේ දී ක්‍රීඩා කිරීමට පැමිණෙන ලෙසයි. එම යෝජනාව පිළිගත් ශ්‍රී ලංකාව පාකිස්තානයට සහයක් වීමට එක් තරගයකට සහභාගීවීමට පාකිස්තානය බලා පිටත්ව ගියහ.

නැවතත් මෙවරද තරගාවලියක් සඳහාම සිය රටට පැමිණෙන ලෙස පාකිස්තානය ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබුණි. පාකිස්තානයට සහයෝගයක් වෙමින් එකී ඉල්ලීමද පිළීගත් ශ්‍රී ලංකාව පාකිස්තානයේදී ක්‍රීඩා කිරීමට එකග විය. ඒ අනුව සැලකිය යුතු කාල සීමාවක් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ රැඳී සිටි අතර එහිදී එක්දින තරග තුනකට හා 20-20 තරග තුනකට සහභාගී විය. එක් දින තරගාවලිය සම්පූර්ණයෙන්ම පරාජය වූ ශ්‍රී ලංකා කණෟඩායම 20-20තරග සියල්ල ජය ගැනීමට සමත් විය. ආරක්ෂක හේතූන් මත ප්‍රබල ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මෙම තරගාවලියට සහභාගී නොවූ වටපිටාවක මෙම ජයග්‍රහණය ඉතා වැදගත් වෙයි.

ජය පරාජය කෙසේ වෙතත් මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවීමෙන් වැඩියෙන්ම සතුටට පත් වූයේ පාකිස්තාන ක්‍රිකට් ලොලීන්ය. ඔවුන් ශ්‍රී ලංකා ධජ රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දක්වනු දැකිය හැකි විය. ඒ සම්බන්ධයෙන් තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා 20-20 නායක දසුන් ශානකද ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකා පුහුණුකරු රැමේශ් රත්නායකද තරගය අවසානයේ පැවසුවේ ලබා දී තිබූ ආරක්ෂාව පිළීබඳ සතුටු වන බවත් එය ඉතා ඉහළ මට්ටමේ එකක් බවයි. එමෙන්ම මෙම තරගාවලිය ක්‍රිකට් ලෝකයටම පණිවිඩයක් ලබා දෙනු ඇති බවත් තවත් කණ්ඩායම් පාකිස්තානයට පැමැණෙනු රුමේශ් රත්නායක මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවද මේ ආකාරයට ත්‍රස්තවාදී අරගලයකින් පීඩා විඳි සමයේදී පාකිස්තානයද ශ්‍රී ලංකාවට මේ ආකාරයටම සහයෝගය දක්වන ලදී. 1996 ලෝක කුසාලනයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග සඳහා ආරක්ෂක හේතූන් මත පැමිණීමට නොහැකි  ඕස්ට්‍රේලියානු හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පවසද්දී ඉන්දියානු හා පාකිස්තාන ක්‍රීඩකයන් ඒකාබද්ධව සාදන ලද කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ආරක්ෂාව ඇති බවට තහවුරු කරන ලදී. ඒ සඳහා නායකත්වය ගත්තේ ඉන්දියානු නායක මොහොමඩ් අසාරුදීන් හා පාකිස්තාන නායක වසීම් අක්‍රම්ය. 1996 ලෝක කුසාලනය දිනා ගත් පසු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මුලින්ම ස්තූති කලේ එම දෙපළටයි. එම ලෝක කුසාලනයේ තරග අවලංගු නොකර පැවැත්වීමට අයිසීසීයට සිදු ළුූයේ ඉන්දියානු හා පාකිස්තාන ක්‍රීඩකයන්ගේ මෙම මැදිහත් වීම නිසාය.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….