slwin

අද (18) ලෝකකුසලාන විස්සයි20 තරගාවලියේ Geelong හි සවස පැවති තරගයෙන් UAE හමුවේ පහසු ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව ලබාගත් 152 ට පිලිතුරු ලෙස ඔවුන් ලබාගත්තේ 73 ක් පමණි.

අද දින සාර්ථක වූයේ පැතුම් නිශ්ශංක (74) ධනංජය ද සිල්වා (33) හා කුසල් මෙන්ඩිස් (18) පමණි. පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුළු 3 බැගින් ලබාගන්නා ලදි.

තරගයේ වීරයා වූයේ පැතුම් නිශ්ශංකයි.

මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ  3 වන ස්ථානට ගිය අතර ලකුනු සාමාන්‍යය+0.6 ක් විය.

සුපිරි 12 වටයට යාමට නම් ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ 1 හෝ 2 වන ස්ථාන ලබාගත යුතුය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුපිරි 12 සඳහා වන තරඟයෙන් දැනටමත් ඉවත්ව ඇත. පළමු කණ්ඩායම් දෙක මීළඟ අදියර සඳහා සුදුසුකම් ලබන අතර NRR මෙම කණ්ඩායමේ ස්ථාන තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තීරණාත්මක තරගය බ්‍රහස්පතින්දා (20) පැවැත්වේ.

Similar Posts