චීත්තයකින් සැරසුනු පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රී

ciththaya

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සූදානම්වීමට විරෝධය පළකරමින්  විරෝධතාවයක් පැවතුණි.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් චීත්තයකින් සැරසී සිටි ආකාරය දක්නට ලැබුණි.

එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා පළ කර සිටියේ මෙවන් අදහසකි.

“අපි කතා කරපු විදියට පිරිමි ඇඳුම් ඇඳන් එන්න බැරි තත්ත්වයකට පත්වුණා. ඒ නිසා කාන්තා ඇඳුමකින් සැරසී එන්න කල්පනා කළා. අද කාන්තා ඇඳුම ඇඳගෙන ඇවිල්ලා හෙට අමුඩේ ගහගෙන ඇවිල්ලා එහෙමත් බැරි වුණොත් ජීවිත පරිත්‍යාගයෙන් හරි මේක රැක ගන්න කටයුතු කරනවා.“

Related posts