මෙරට දරුවන් 56,000ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා – යුනිසෙෆ්

මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බවයි එහි දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දෙනවා. මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර, 66,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා. ශ්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 ක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමටයි. ඒ හේතුවෙන් අධ්‍යාපන…

Read More

වාහන මිල පහළට

car

මෙරට වෙළඳපොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය. ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල මෙසේ අඩු වෙමින් ඇති බව ඔහු තව දුරටත් කියා සිටියේය.

Read More

පක්ෂ දේශපාලනය ඉවතට

paksha

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. මේ වන විට ඉතා අසීරු කාලයක් පසු කරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට ශක්තිමත්ව…

Read More