පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම වෙනුවෙන් පෙත්සමක්

parakrama

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුව ඉදි කිරීම සදහා හොර රහසේ ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටුව කැදවා අනුමත කරවා ගැනීමේ වෑයමක් සැලවීම හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 38 ක් හා මහා සංඝ රත්නය එක්ව ඊට විරෝධය පා විරෝධතා පෙත්සමක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ට ඊයේ (28) දහවල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට පැමිණ භාර දුන් හ. පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු ‍රැස්වීම ඊයේ (28) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති අතර මෙම කමි‍ටු ‍රැස්වීමේ දී දැනට තාවකාලිකව නවතා දමා තිබෙන පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින…

Read More

වල් නාශක නැතුව කුඹුරේ හැදෙන්නේ තණකොළ විතරයි !

govi mithuro

මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිලගණන්වලට කෘ ෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත් ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු හැදීමට දගලමින් සිටින බවත් ගොවි බිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි. එම ගොවි සංවිධානය මෙම චෝදනා එල්ල කළේ අද  (23) දහවල් කැදවා තිබූ මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති  ආතර් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. “ මේ වෙනකොට වල් නාශක…

Read More

බැම්මට කළ හානිය 25 ට පෙර පිලිසකර නොකළහොත් ගොවි සංවිධාන වැව් බැම්ම මතට!

govi sanvidana

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට කළ හානිය ලබන 25 දාට පෙර පිළිසකර කර අවසන් නොකළ හොත් ගොවි සංවිධාන සියල්ලම වැව් බැම්ම මතට පැමිණෙන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ගොවි සංවිධාන සභාපති ඩබ්.අරුණ කීර් ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීය. “පරාක්‍රම සමුද්‍රය කියන්නේ කාගෙවත් එකක් නෙමෙයි ඒක අපේ වැව. ගොවියාට තියෙන ප්‍රශ්න කිසි දේකට උත්තර දෙන්න සල්ලි නෑ කියන ආණ්ඩුවට ජොගින් කරන්න සල්ලි තියෙනවා. අපි ඒ මං තීරුව හදනවාට විරුද්ධ වුණා. …

Read More