රාජ්‍ය ඇමති ලොහාන් ගැන අපක්ෂපාති විමර්ශනයක්!

lohan

අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බව ඊයේ (16දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය පැවති පසුගිය (12දා) ආයුධ සන්නද්ධව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ කළහකාරි අන්දමින් හැසීරි ඇති බවට රට පුරා පැතිර යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මේ බව පැවසුවේය. එහිදි අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාධාරණ පරික්ෂණයක් පවත්වන්න කියලා උපදෙස් දීලා තියනවා.විෂය බාර අමාත්‍යතුමත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක්…

Read More

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමති ගැන වහා විමර්ශනයක් කරන්න !

mp rohana bandara

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් උපරිම ආරක්ෂක සිර මැදිරියේ (මැක්සිමස්) රදවා සිටි අංක 140 සිරකරුගේ හිසට පිස්තෝලයක් එල්ල කිරීමට විරෝධය පලකරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා. මේ ඇමතිතුමා හරිම ප්‍රසිද්ධයි ගිණි…

Read More