lohan

අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බව ඊයේ (16දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය පැවති පසුගිය (12දා) ආයුධ සන්නද්ධව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ කළහකාරි අන්දමින් හැසීරි ඇති බවට රට පුරා පැතිර යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මේ බව පැවසුවේය.

එහිදි අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාධාරණ පරික්ෂණයක් පවත්වන්න කියලා උපදෙස් දීලා තියනවා.විෂය බාර අමාත්‍යතුමත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ආණ්ඩුව කිසිම කෙනෙකුගේ ආරක්ෂාව කැඩෙන විදියට කටයුතු කරන්නෑ.සියළුම දෙනාට බියෙන් සැකයෙන් තොරව නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපීටාව ඇති කරලා තියනවා.එහෙම දෙයක් වෙලා තියනවා නම් අපි නිසි අන්දමින් ඊට කටයුතු කරනවා.

ආණ්ඩුවක් විදියට අපි එවැනි සිදුවීමක් සිදුවෙලා තියනවා නම් අපි ඒක අනුමත කරන්නේ නෑ.ඊට සහයදීම සදහා අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙලා තියනවා.

පරික්ෂණයේ වාර්ථා පැමිණෙන තුරු එතුමා ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වෙලා තියෙන්නේ.මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව හා නිලධාරින් පරික්ෂණයක් සිදුකරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට බාර ගත්තේ රටේ සංවර්ධනය ඇතිකරන්න හා රට තුළ විනය හදන්න.යම් කිසි තැනකදි විනය කැඩුනොත් ජනාධිපතිතුමා දැඩි තීන්දු ගණියි.පසුගිය කාලයේ මේ වගේ දේවල් සිදුවුනාට ඇමතිවරු තනතුරු වලින් ඉල්ලා අස්වුනේ නෑනේ.නෑ නමුත් අද ඒ දේ සිදුවි තිබෙනවා.

විශේෂයෙන්ම මම බන්ධනාගාරයට පැමිණියේ බන්ධනාගාර රැදවියන් පිරිසක් මා සමග සාකච්ඡාවක් පවත්වන්න අවශ්‍ය බව දන්වමින් ලිපියක් යොමුකරලා තිබ්බා ඒ අනුව මම ඔවුන් හමුවීමට පැමිණියා.මේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් පැවත්වේවි.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Similar Posts