සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.

welikada

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ  දින (23) පෙරවරුවේ සහභාගී විය. මෙහිදී  අමාත්‍යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ  සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් සිරකරුවන්ට මේ වන විට පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්විණි. එම සිරකරුවන් විශේෂයෙන්ම සඳහන් කලේ අභියාචනාවන් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව, යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා දඬුවම් අඩුකරගැනීම, පුනරුත්ථාපන ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක කිරීම…

Read More

රාජ්‍ය ඇමති ලොහාන් ගැන අපක්ෂපාති විමර්ශනයක්!

lohan

අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බව ඊයේ (16දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය. ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය පැවති පසුගිය (12දා) ආයුධ සන්නද්ධව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ කළහකාරි අන්දමින් හැසීරි ඇති බවට රට පුරා පැතිර යන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මේ බව පැවසුවේය. එහිදි අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාධාරණ පරික්ෂණයක් පවත්වන්න කියලා උපදෙස් දීලා තියනවා.විෂය බාර අමාත්‍යතුමත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක්…

Read More

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More