ජන­තා­වට සින්න­ක්කර ඉඩම් ඔප්පු පිරි­නැ­මීමේ ‘උරු­මය’ ජාතික වැඩ­ස­ට­හන ජූනි මාසය වන විට අව­සන් කරන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. කුමන ජන කොට­ස­කට අයත් වුවද සැම පුර­වැ­සි­ය­කු­ගේම සිහි­නය ඉඩ­මක නීත්‍ය­නු­කූල හිමි­කම සතු කර­ගැ­නීම බව පැවසූ ජනා­ධි­ති­ව­රයා ඒ අයි­තිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ විශ්වා­සය බව අව­ධා­ර­ණය කළේය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පෙර­ව­රුවේ යාප­නය ඔට්ට­ග­පු­ලම් ප්‍රදේ­ශ­යේදී පැවති ‘උරු­මය’ සින්න­ක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩ­ස­ට­හ­නට එක් වෙමිනි.

මිලි­යන දෙකක ජන­තා­වට සින්න­ක්කර ඉඩම් අයි­තිය ලබා­දීම සඳහා ක්‍රියා­ත්මක උරු­මය වැඩ­ස­ට­හ­නින් යාප­නය ජන­තාව වෙනු­වෙන් ඉඩම් ඔප්පු 408ක් ලබා­දීම මෙහිදී සිදු වූ අතර ජනා­ධි­ප­ති­ව­රයා සංකේ­තා­ත්ම­කව ඔප්පු ප්‍රදා­න­යට එක්විය. මේ අතර යාප­නය ආර­ක්ෂක සේනා මූල­ස්ථා­නය පරි­හ­ර­ණය කළ ඉඩම් නිද­හස් කිරීම ද මෙයට සම­ගා­මීව ඊයේ (22) පලාලි ගුවන් හමුදා කඳ­වුරේ දී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

Similar Posts