ජනගත කළ ‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී  ප්‍රවෘත්ති සාකච්ඡාවක්  පවත්වනු ලැබුවා.

එහිදී ඔවුන් ක්‍රියාකාරී සැලැස්මක් ද ජනගත කිරීමට කටයුතු කළා.

ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජය වහාම ඉල්ලා අස්වීම මෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙලක් සැකසීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඊට අයත්.

‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’

“අංක එක.. ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. අංක දෙක. රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතුය.”

“කැබිනට්, කැබිනට් නොවන සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, උපදේශකවරු, සංස්ථා සභාපතිවරු, තානාපතිවරු ඉල්ලා අස්විය යුතුය.”

“අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය. මහජන කවුන්සියලයක් බිහිකළ යුතුය. ජනතාවට කෙටිකාලීන ක්ෂණික සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.”

“ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම. ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම සඳහා සහන වැඩපිළිවෙලක් සකස් කිරීම.”

“අත්අඩංගුවේ පසුවෙන සියලු අරගලකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට යුක්තිය ඉටු කිරීම.”

“හොරාකන ලද මුදල් හා දේපළ නැවත රජයට පවරා ගැනීම සඳහා දඬුවම් කිරීම. ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කිරීම. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.”

“අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර එලෙස ගොඩනැගෙන අන්තර්කාලීන පාලනය ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවකට යටත්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මගින් අවසන් වියයුතුය.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….