ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා නිවාඩු දිනයන්ට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙතයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ කාලසීමාව තුළදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ද එහි දැක්වෙයි.

මීට අමතරව, මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Similar Posts