henna

අඳුරට මුවා වෙමින් තිබු අමුඩයාය ගමට හිරු කිරුණට නිරාවරණය වෙමින් තවත් සුන්දර දිනයක් උදා වියි.අමුඩයාය ගමේ මිහිදුම සුන්දර වු ගම තවත් පියකරු වු සිතුවමක් මවන රසදුනක් බඳුය.පිනි මුධු හරිත පැහැයෙන් සරණා තණ කෙළ කා නැට්ට වලිග උස්සාගෙන මුව පෝතකයෝ රඟන රැගුම් සිත සනසනා වු දසුනකි.මුව පොව්වන් තණකොළ කටක් කා මුව අම්මාලා තාත්තාලා අසලට පිණුම් ගහමින් දුවන්නේ උතුරාගිය නිදහසේ ආදරයට වුවා වී ඇති නිසාය.

මහ මුකලානවසන සිව්පාවෝ ගස්කොළං වලට මුවා වෙති!

මිහිදුම් තිරපට මුවා වු අහස මහ මුකලාන සුන්දරය. ගමේ අප්පුහාමි සුපුරුදු පරිදි වෙල් යාය මැදින් වැටි ඇති ගුරු පාර දිගේ මහ මුකලානේ පිහිටි තම හේනට ගාටන්නට වුයේ ගමේ අනෙක් අප්පුහාමිලා ද කැටුවය.මහ මුකලානට මුවා වු වන සතුන් අප්පුහාමිලා දැක ලඳු කැලෑ අතරින් මුවා වී ඈතට යන්නට වුයේ පරිස්සමටය.

මුවා වු පාලකයෝ අමු වණයකි!

වැටට නියරට මුවා වහන් වී වනයට වුමා වී පාලකයෝ රටටම වණයක් වී තිබේ.කුඹුරු ගොවිතැන විනාශ කරනවා.කැලෑව කපා දමනවා.වනසතුන්ට වාසභූමි නැති කරනවා.

පැල ඉනි වැටට මුවා වු අප්පුහාමිගේ අමුඩයේ හුටප්පරය මෙන්න!

කැලැ මුවා වෙල් මුවා. තින් මුවා විතරක් නොවෙයි ඕලු නෙලුම් මානෙත් මුවා ලා ද මැති ඇමති මුවාලා මේ ආකාරයට මුවා වී ගොවිතැන කැලය මහ වනය සතා සීපා වා විනාශ කරනවා මෙකට මුවා වෙන්නේ පරිසරය නැමැති අමුඩයට .ඉතිං ජනතාවට මේවා පෙන්නේ නැ කියමින් අප්පුහාමි හේනේ පැල ඉනි වැටට මුවා වී අමුඩය තද කර ගත්තේ ය.

සඳට මුවා වු කුසලහාමිගේ කරත්ත ගමනක සිරියාව අගනේ ය!

ඉරට මුවා වු වළාකුළු නිසා අප්පුහාමිගේ එකම දියණිය වු කුසලහාමි කරත්ත පාරේ කඩ මණ්ඩිය වෙත ගමන් ගරන්නේ ඉතා සෙමින්ය.ඒ කළු ගොනා බැදි කරත්තයෙන්ය.අදික සීතල නිසා ඇය කළු සුරුට්ටුවක්ද දල්වාගෙන මී දුම පිරාගෙන ඉදිරියට ඇදෙන්නේ කොළ පළා විකුණා බඩ වියත රැක ගන්නටය.

පමා නොවු කුසලහාමිගේ මුවා වීම ඇත්තටම අභිරහසක් ද?

ගංජා ඇට, කොළ මල්, කැඳ,රැගත් කරත්තය එනතරු කඩ මණ්ඩියෝ වෙළෙදුන් බලා ගත් අතම බලා සිටින්නේ ගංජා පානය කළ අය මෙන්ය.කුසලහාමි වෙළදාමට මුවා වී කරනා මේ හුටප්පරය කිසිවෙකු හෝ දැන ගනන්නට හැකියාවක් නැත.

යකාට මුවා වී සිදු කරන බලි තොවිල් කලාව දන්නවා ද?

අප්පුහාමි සාදිරිස් යකඳුරු පුත්තරයා යකාට,පෙරේත තටුවට මුවා වී යන්තර මන්තර ගුරුකම් කරන්නේය.මේ දිනවල කා….කා… නැකතින් පේන බලා අලි මන්තරයෙන් ජප කර අලිකෙන්දෙන් උගණ්ඩා නොපෙනී යන තෙල නිසා දියවන්නාවේ මැති ඇමැති මුවාලා සාදරිසාගේ දේවාලයට එන්නේ හොර රහසේ ය.

බලයට මුවා වී පනින අප්පු ගමට යයි.. ද ?. නෑ.. ද ? මෙන්න කතාව!

අප්පුහාමිගේ හා එතනා හාමි බිරිදගේ පනින ඇමති අප්පු ආණ්ඩුවේ වැය අයට චන්දය දී ගමට එන්නේ මහ උජාරුවෙනි. නමුත් එතුමාට ගමට යන්න යැයි කීවේ රටේ ජනපති අප්පුහාමිය. ගමේට යන්න තියා ගෙදර යන්නවත් බැරි වෙලාවක ලොකු සර් කියනවා ගමට ගිහිල්ලා ජනතාව හමුවෙන්න කියලා.

ඇමති තුමා මාදිවෙල ගව ගාලේ සිට දියවන්නා හරක් පටිටිය ගියේ ඇයි!

මිනිස්සු මුවා වෙලා අපිට ගහන්න ඉන්නවා. මේකට විසදුමක් තමයි බොලව් අපේ සහෝදරයා සාදිරිසාගේ උගණ්ඩා තෙල.මේක නිසා නොපෙනී යන්නට හැකියි කියමින් කළු කෝපී කෝප්පයක් බී පනින ඇමති අප්පු මාදිවෙල ගව ගාලේ සිට දියවන්නා හරික් පට්ටිය ගමන් කරන්නට වුයේ අලුත් තණ කොළ,පිදුරු කුනක්කු යහමින් මිල දී ගන්නා වූ අහිංසක බලා පොරොත්තුවෙනි.

රෝහල්වල හෙහෙත් නැතිව මංමුලා වූ අප්පුහාමිලාට තිසරණ සරණයි! සිරි පා කරුණාවයි!

එතනාහාමි හා අප්පුහාමිගේ දොස්තුර පුත්රයා මේ දිනවල රෝගින්ට වුවා වී කියන්නේ රෝහල්වල බෙහෙතකටවත් බෙහෙතක් නැතය කියලාය.මුදල් තියන අසනීප කාරයෝ නම් මුදල් කාසි දීලා අසනීප නැති කර ගනීවී අමුඩ අප්පුහාමිලා ට කන්න දෙයක් නෑ ඒ නිසා හුදකළා ඉදලා බෙහෙත් නැතුවම මැරිලා යන දිනය වැඩි ඇතක නොවෙයි කියමින් වෙද නලාව අමුඩයට මුවා කර ගනිමින් මුවා වෙමින් පිස්සු වාට්ටුවට ගියේ ය.

අමුඩය නිසා ගුරු වරියණගේ සාරිය ඇළ වෙයි ද ? ගැලවෙයි ද!

අප්පුහාමිගේ ඉස්කොළ පුත්තරයා මේ දිනවල පාසලේ විභාග කටයුතු සිදු කරන්නේය.ඉස්කොළ පුත්තරයා ගමේ පාසලේ මුල් ගුරුතුමාය.මට ගුරුවරුන්ගේ සාරිය පිළිබඳව පුරස්ණයක් නෑ. ඇයි මම සියලුම ගුරුවරියන්ට ස්ථාන මාරු දුන්නා ගුරුවරු විතරයි පාසලේ වැඩ.

පොත්පත් ගිණි ගණන් නිසා ගල් ලෑල්ලට මුවා වු පාසල් කිරි අප්පුලාට කොළඹට කිරි ගමට කැකිරි ධවළ පත්‍රීකාව මෙන්න!

ඒ ඇත්තෝ එන්නේ අමුඩය පිටින් නිසා ගුරු ඇඳුම පිළිබඳව පුරස්ණයක් මට නෑ කියමින් අමුඩය කඩාගෙන සෙල්ලම් කරන අමුඩයාය ගමේ අප්පුහාමිලාගේ කිරි අප්පුලාට කීවේ තියන අමුඩය හරි රැක ගනිල්ලා අමුඩයත් නැතිවෙන හැඩැක් බොලව් තියෙන්නේ පොත් පත් නැති නිසා ගල් ලෑලි ආරක්ෂා කර ගනිල්ලා කියමින් අලියාගේ වලිගේ එල්ලි ගම රාළ දෙව්ලොව ගිය හැටි කළු ලෑල්ලේ ඇඳ ඉහළ කැලෑසියට ගාටුවාය.

සිරිකොතට මුවා වු අරගල කරුවෝ අමුඩය පිටින්ම දිනන සටනට සැරසෙති!

අප්පුහාමිගේ කැම්පස් පුත්තරයා මේ දිනවල කැම්පස් එකට මුවා වී තවත් අරගලයකට අරගල පෙර හුරු කරන්නේය.ඒ සිරිකොත ඉදිරිපිට දැවැන්ත පිකටින් එකක් අමුඩ පිටින්ම සිදු කරන්නටය.

කාක දූපතේ දී පත්තර අප්පුට කී කපුටු ශාස්තරය සූත්තරය මනරම්ය!

අගනුවර පත්තර කන්තෝරුවක වැඩ කරන අප්පුහාමිගේ පත්තර පුත්තරයා මේ දිනවල නෙළුම් කුළුණ පරිශ්‍රයේ සිට බලා සිටින්නේ ණය දෙන්නට දේවතා එළි එනතුරුය.සිරිනොත සිට අරලිය මැදුරට ද, නෙළුම් මාවත දිගේ පක්ෂ කාර්යාලය වෙත ද ගමන් කරන්නේ කාක දූපත අසල නැවතී කපුටු ශාත්තරය බලන්නට මදකට නතර විය.

අප්පුහාමිගේ පතාල පුත්තරයාව මැති ඇමති වරු කැදවයි!

අප්පුහාමිගේ පාතාල පුත්තරයා මේ දිනවල පිකටින්,අරගල උද්ඝෝෂණ සිදු කරන අප්පුලා මෙල්ල කරන්නට මැති ඇමති ලා වැඩි පුර සිටින විජේරාම මාවත හරහා සුදු ඉරි දිගිගේ යනු දැකිය හැකි විය.

පොත් පත් මිල් ඉහළ නිසා වටා පොතට මුවා වූ යාය විහාරයේ සාමණේර හිමිවරු! සාධු.සාධු.සාධු…

යාය විහාරයේ ලොකු හිමියෝ අප්පුහාමිගේ ලොකු පුත්තරයා ය.උන් වහන්සේ අපේ කාලයේ පන්සල් වාසි නොව විහාරවාසි බුද්ධ නිකායේ හිමි නමකි.කහ මල් යාය තරම් වු යාය විහාරයේ කුඩා සාමණේරු හිමිවරු උදයේම වටා පොතට මුවා වී ලොකු හාමුදුරුවනගේන් පුරස්ඛයක් විමසුහ.

මුව ජාතකය හා දියවන්නා වැදි බණ නිකාය අතර පැහැදිලි වෙනසක්!

අපේ නායක හාමුදුරුවනේ අපේ රටේ නිකායවල් කියක් තියනවා ද කියා විමසුහ. රටේ තියෙන්න උවමනා බුදුන්ගේ නිකාය විතරයි.නමුත්,අද රනිල් නිකාය,සජිත් නිකාය,රාජපක්ෂ නිකාය,අනුර නිකාය,වීරවංශ නිකාය,ඩලස් නිකාය,මෛත්‍රී නිකාය කියා කියාවල් රැසක් දියවන්නා හොර ගුහාවේ හදාගෙන වැදි බණ දේශනා කරනවා කියමින් මුව ජාතකය දේශනා කළහ.

අයි.එම්.එෆ් ගිය අමුඩයාය ගමේ පොලි අප්පුට ඉහළ පිළිගැනීමක්!

පොලි මුදලාලී පුත්තරයා මේ දිනවල අයි.එම්.එෆ් එක මෙන් පොලියට මුදල් ගන්නා අප්පුහාමිලාට කොන්දේසි දමන්නට පටන්ගෙන ඇත්තේ ගත් පොලි මුදල් තියා පොලියට අය කරන පොලිය ගෙවන්නට අප්පුහාමිලා සහන ඉල්ලන නිසා පොලියට ණය දීම නතර කරලා තියනවා.අමුඩය හරි කමක් නෑ උකස් තියාලා මට සල්ල පොලි මුදල් දී පල්ලා කියමින් මහා දැන්වීමක් ගෙදර දොරටුවේ සවි කළේ සිය බිරිද පොලිච්චිගේ උපදෙස් මතය.

පළාත් පාලන චන්දය මාස හයකට කල් යයි! පෙරක දෝරු අප්පුට නීති ය අමතක වෙයි!

කළු කෝට් අප්පු පුත්තරයා මේ දිනවල පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දමනවාට විරෝධය පල කරමින් පළාත් ආයත් පාලන ආයතන මන්ත්‍රීවරු තම පාලන කාලයේ දී ජනතාවට කළ යමක් තිබේද සොයමින් නීති පොත පෙරළමින් අලුත් කඩේ මහාධිකරණය වෙත ගාටන්නට වුයේය.

නෙළුම් කුළුණට මුවා වු සියාතුවාගේ තුන් වේලේ කෑම වේල රසායි!

අමුඩයාය ගමේ අපුපුහාමිගේ දුප්පත් සියාතු අප්පු පුත්තරයාට තම බිරිද හා කිරි අප්පුලාට කන්න දෙන්න ක්‍රමයක් සොයමින් නෙළුම් කුළුණට මුවා වී පොල් ගහකට ගොඩ උයේ එලෝ පොල් පේනවාද කියා බලන්නටය.

කංසා අද මුදලට හෙට ණයට අපුපුහාමිලාගේ අමුඩය මූට්ටු වු හැටි මෙන්න!

අප්පුහාමිගේ හීන්අප්පු පුත්තරයා ගමටම රා බෙදති.ගංජා වගාව නිසා ගොඩ ගිය නිසා ගංජා කොළ,අතු,ඉති,මල්, මැද මුලනටම යවමින් කියන්නේ,අද මුදලට හෙට ණයට කියමින් ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන අප්පුහාමිලාටම කියාම සකස් කළ පානයක් ඒ නිසා ඒවා පානය කරන විට පුරස්ණ පාවි ගොස් අමුඩය පමණක් ඉතිරි වෙනවා. අවසානයේ දී අමුඩය නැතිව අමු හෙළුවෙන් යන්නට හැකි තරම් ආත්ම ශක්තියක් අප්පුහාමිලාට ඇති වෙනවා කියමින් අමුඩ ලෙස්සුවෙන් ගංජා ගෝනි වහන් (මුවා) කළේය.

විෂදුම් මැඩලන මුවාවට ආරක්ෂිත අමුඩ තාප්පයක් ගසති!

මේ අතර කංසා හේනක සිටි අප්පුහාමිලා අමුඩ පිටින්ම අමුඩයාය ගමේ මහ මුකලාන කැලය පැත්තේ සිට ඉගිලෙන්නට වුහ. ඒ කංසා මල් පානය කරමින් ජම්බු රටේ සිට එන විෂ දුම් වළා කුළු හරවා යැවීමේ මහා මෙහෙයුමකටය. සියලු ගම අප්පුලා තම අමුඩය ගලවා අහසේ අමුඩ ලේන්සු තාප්පයක් සකස් කරන්නට වුහ.

අමුඩයාය ගමේ සිට අප්පුහාමි කියන,ලියන අප්පු ලියන කතා අන්දර වැටකින් තවත් අන්දරයකින් හමු වෙමු!

මෙයට, නිමල් අල්ගෙවත්ත

Similar Posts