thilini-priyamali

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට ධන කුවේරයන් දණ ගැස්සවූ මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි.

මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා.

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඇය 1982 වසරේ කළුතර ප්‍රදේශයේ දී උපත ලබා ඇති බව සඳහන්.

ඇගේ පියා වඩු කාර්මිකයෙක් බවටත් ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ අටේ පංතියට පමණක් බවටත් තොරතුරු පළව තිබේ.

කලක් මැදපෙරදිග ලෙබනනයේ ගෘහසේවිකාවක ලෙස සේවය කර ඇති අතර පසුව මෙරට කතුන් ලිංගික ජාවාරම් සඳහා එරටදී යොදවාගෙන ඇති බවට ආරංචි පළව තිබේ.‍

මෙම කාන්තාව විවාහයන් 4 ක් සිදු කරගෙන ඇති බව පැවසේ. එසේම දරුවන් තිදෙනෙකුගේ මවකි. එම දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වයස අවුරුදු 20ක තරුණයෙකි.

ඔහු ද 34 වෙනි මහලේ ඇගේ කාර්යාලයේ සේවයේ නිරතව සිට ඇති අතර ඇගේ දෙවන කසාදයේ දියණිය එකී පළමු දරුවා අතින් අතවරයට ලක්වීම සම්බන්ධ පැමිණිල්ලක් ළමා ආරක්ෂක අධිකාරියට සිදු කළ යුතු බවද කීර්ති රත්නායක හෙළි කර තිබේ.

ඇය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන තට්ටුවේ කාර්යාලයක් පවත්වා යමින් වංචාවන් සිදු කරන්නට පෙර සිට විවිධ ප්‍රසිද්ධ කලාකාරුවන් හා දේශපාලන බලවතුන් සමග සමීප සම්බන්ධතා ගොඩනගාගෙන ඇති අතර එම සම්බන්ධය ඉතා ශූර ලෙස ව්‍යාපාරික වාසි සඳහා හා තම ආරක්ෂාව පිණිස උපයෝගී කරගෙන තිබෙන බව හෙළිව තිබේ.

මෙරට ප්‍රභල දේශපාලනඥයින් සමග ඇය සමීප සබඳතා තිබූ බවට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Similar Posts