හැඳුනුම්පතේ අකුරු මැකී ගිහින් නම් හෝ ඒකෙ ඡායාරූපය දැන් මුණ බැලුවම තියෙන රූපයට වඩා වෙනස් නම්, අලුත් හැඳුනුම්පතක් හදා ගන්න එක වටිනවා.
හැඳුනුම්පතක් මේවන විට නැත්නම් හා හැඳුනුම්පත නැතිවෙලා නම් කොහොමත් ඉතින් හදාගන්නම වෙනවනෙ.
පාස්පෝට් එක හදා ගන්න ගියත්, හැඳුනුම්පතේ රූපය හා දැන් ඔබේ මුණ බැලුවම තියෙන රූපය වෙනස් නම්, ඒ හැඳුනුම්පත යටතේ පාස්පෝට් හදන්නෙත් නෑ.
ඒ නිසා හැඳුනුම්පත වසර 10කට වඩා පරණ එකක් නම්, අලුත් එකක් හදාගෙන තියා ගන්න එක ගොඩක් වටිනවා. දැන් හදන හැඳුනුම්පත් කොහොමත් වලංගු වෙන්නෙ අවු. 10කටනෙ.
එක දවසින් හැඳුනුම්පත හදා ගන්න පුලුවන් දැන්. හැඳුනුම්පත අතේ නැති එක ගොඩක් වැඩ කටයුතුවලට බාධාවක් වෙන්න පුලුවන් නිසා එක දවසින් ලබා ගන්න එක හොඳයි කියන එකයි මගෙ නම් අදහස.
එක දවසින් ගන්නවා නම්, ඒ සඳහා ඔයාට රු. 2,500/-ක ගාස්තුවක් හැඳුනුම්පත් කාර්යාලයට ගෙවන්න වෙනවා. එක දවසින් ගන්නෙ නැත්නම් ඉතින්, සාමාන්‍ය සේවය යටතේ ගෙන්න ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තැපැල් කරන්නත් පුලුවන්.පරණ හැඳුනුම්පතයි.
උප්පැන්න සහතිකයයි (Original)
හැඳුනුම්පත හදන්න Studio එකෙන් ගහපු ඡායාරූප කොළෙයි,
ග්‍රාම නිලධාරී ළඟට යනකොටම අරන් ගියාම හරි.
ඔයාට අයදුම්පත පුරවන්න තේරෙන් නැත්නම්, ග්‍රාම නිලධාරී ඒක පුරවලත් දෙයි.
මේ ටිකත් සමහර අයට ඕන වෙයි ඒ ටිකත් ග්‍රාම නිලධාරී ළඟට යනකොටම අරන් යන්න.
ඔයාට හැඳුනුම්පත ගන්න කොළඹ යන්න අපහසු නම්, වෙන කෙනෙකුට බලය පවරලා යවන්නත් පුලුවන්. ඒකට වෙනම ආකෘතියක් තියෙනවා ග්‍රාම නිලධාරී ළඟ. (ග්‍රාම නිලධාරී ළඟ නැති වුනොත් ඒ ආකෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයෙන් ගන්නත් පුලුවන්.) ඥාතීත්වය තහවුරු කරලා, ග්‍රාම නිලධාරී අත්සන් කරලා ඒ ආකෘතියත් අරන් යන්න ඕන.
උප්පැන්න සහතිකයක් නැත්නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ගන්න හිස් ප්‍රතිඵල ලේඛනයක් ඕන. හිස් ප්‍රතිඵල ලේඛනයක් නම් තියෙන්නෙ, ඒකත් එක්ක දරුවකුගේ Original උප්පැන්න සහතිකයක් අමුණන්න. දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ හා මවගේ නම, උපන් දිනය, උපන් ස්ථානය තියෙනවනෙ. ඒවගෙන් තොරතුරු තහවුරු කර ගන්න පුලුවන්. (උප්පැන්නය ලියවිලා නැති නිසා, හැඳුනුම්පත හදා ගන්න බැරි, වැඩිහිටි අය ලොකු පිරිසක් ඉන්නවා. හිස් ප්‍රතිඵල ලේඛනයට හදා ගන්න පුලුවන් කියලා එයාලා දන්නෙ නෑ.)
හැඳුනුම්පත නැතිවෙලා නම්, පොලිස් පැමිණිල්ලේ පිටපතක් ඕන. ඒ කියන්නෙ හැඳුනුම්පත නැතිවුනොත් පොලීසියේ පැමිණිල්ලක් දාන්න ඕන.(ඒකත් දන්නෙ නැති අය ඉන්න පුලුවන්.)
හැඳුනුම්පතේ අකුරු මැකිලා නම්, නම්වල වෙනසක් තියෙනවා නම්, දිවුරුම් ප්‍රකාශයක් ගන්න වෙනවා. ග්‍රාම නිලධාරී මේ සියල්ල දැනුවත් කරනවා. දිවුරුම් ප්‍රකාශ ආකෘතියත් ග්‍රාම නිලධාරී ළඟ තියෙනවා.
ඒ ටික අරන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යන්න ඕන. එයාලා ලියවිලි පරීක්ෂා කරලා, එක්දින සේවය යටතේ හැඳුනුම්පත හදාගන්න අවශ්‍ය ලියවිලි ටික, ලිපි කවරයක දාලා අලවලාම දෙයි.
ඒක අරන් උදේ පාන්දරින්ම බත්තරමුල්ලෙ, සුහුරුපායෙ තියෙන හැඳුනුම්පත් කාර්යාලයට යන්න. උදේ 6.00 ඉඳලා වගේ වැඩ පටන් ගන්නවා. උදේම භාර දුන්නම, පරක්කු නොවී වැඩේ කරගෙන ගෙදර එන්නත් පුලුවන්. හැඳුනුම්පත් කාර්යාලයේ නිලධාරීන් දුවලා, පැනලා කාර්යක්ෂමව වැඩ ටික කරලා දෙනවා.
උදේ 6.00 වෙනකොට ගියාම හැඳුනුම්පතයි, පාස්පෝට් වැඩෙයි එකම දවසෙ කර ගන්න පුලුවන්. මොකද කාර්යාල දෙකම තියෙන්නෙ බත්තර මුල්ලෙ, සුහුරුපායෙ එක ළඟ.
- ප්‍රවීණ දේශිකා නීතිවේදී හා කළමනාකරණවේදී මල්ලිකා ජයවර්ධන