කොරෝනා වසංගත තත්ත්වය මත සැලසුම්කර තිබූ දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බවත් ඒ් සම්බන්ධව නීතිමය උපදෙස් ලබා ගන්නා ලෙසත් දන්වා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් වෙත යැවූ ලිපියට, මැතිවරණ කොමිසම මෙන්ම, මේ රටේ ප්‍රගතිශීලීන් කිසිවෙකු බලාපොරොත්තු නොවු පිළිතුරක් ජනාධිපතිවරයාගේ උපසෙද් අනුව ජනාධිපති ලේකම් විසින් ඒවා තිබේ.

ඔහුගේ ඒම ලිපිය අනුව, මැතිවරණ කොමිසම පෙන්වා දෙන පරිදි ‌ ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත යොමුවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මැතිවරණ කොමිසම අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය දෙවැනි වරට අප්‍රේල් 30න් පසුව දින 14 කින් පැවැත්වීමට යෝජනා කළ බවත්, ඒ් අනුව ඒසේ දින 14කින් බැරි නම් 15 වන දිනයේ හෝ ඡන්දය පැවැත්වීමට හැකි බවත්, ඒම දිනය නම් කිරීමට බලය ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් ඒම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

බැලු බැල්මට මෙය නිවැරදිය. නමුත් මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ ලිපියේ සදහන් වුයේ පවතින වසංගත තත්ත්වය සම්බන්ධව විශේෂඥයින් සමගද කළ සාකච්ඡාවකින් පසුව මීලග පාර්ලිමේන්තුව කැදවන දිනය අප්‍රේල් 30 පසුව දින 14 කින් වත් (මැයි 14) පැවැත් විය නොහැකි වන බවත්,  ඒමෙන්ම, ජනාධිපතිවරයා පසුගිය මාර්තු 2 වනදා පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් මීලග පාර්ලිමේන්තුව මැයි 14 වන දින පැවැත්විය යුතු බවට ද ගැසට් කර තිබීමත් නිසා මැතිවරණ කොමිසම මෙම ලිපිය යොමු කිරීමට හේතුවී තිබුනි.

නමුත් ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ, මහ මැතිවරණය මෙසේ කල් දැමීමට හේතු වූ පවතින වසංගත තත්ත්වය පිළිබදව සදහන් නොවේ. ඒමෙන්ම, ඒම ලිපිය මගින් පෙන්වා දෙන්නේ මැයි 14 නොහැකි නම් මැයි 15 වන දින හෝ මහ මැතිරණය පැවැත්විය හැකි බවයි. ඉන් අදහස් කරනු ලබන්නේ ඉදිරි දින කිහිපය තුළ මෙම වසංගත තත්ත්වය පාලනය කර ගත හැකි බවත්, මැතිවරණ කටයුතු ඇතුලු අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි බවයි.

මෙම වසංගත තත්ත්වය ඉතා ඉක්මනින් පහව යන්නේ නම්, අප සියලුම දෙනා ඉන් සතුටු වන නමුත්, මෙම වසංගත තත්ත්වය ලෝකය පුරා පැතිරී යන ආකාරයට තව මසකින්වත් සාමාන්‍ය ජන ජීවිතයක් පවත්වාග හැකිද යන්න අප සියලුම දෙනාටම ප්‍රශ්ණයක්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම අප සෞඛ්‍ය බලධාරීන් පවසන කරැණු තුළින් ඒය තව දුරටත් තහවුරැ වේ.

නමුත්, ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වු වහාම මහ මැතිවරණය පමණක් නොව පළාත් සභා මැතිවරණ අනිවාර්යෙන් පැවැත් විය යුතුව තිබේ. සැලැසුම් කළ හොත් මේ දෙකම ඒකම දිනයකදී වුවද පවැත්විය හැක. නමුත් පවතින වසංගත තත්ත්වය පිළිබදව නිවැරදි තක්සේරැවක් හෝ අවබෝධයක් නොමැතිව, ඡන්ද දායකයින් විශාල අවධානමකට ලක් කර මැතිවරණයකට තල්ලු කිරීම හෝ  වරින් වර දිස්ත්‍රික්ක මට්ටමින් හෝ මැතිවරණ පැවැත්වීම නොකළ යුත්තකි.

මේ අවස්ථාවේ ආණ්ඩුපක්ෂයේ සිටිය හැකි ප්‍රගතිශීලීන් මෙන්ම, විපක්ෂය, සිවිල් සමාජයද මෙම තත්ත්වය පිළිබදව ආදල පර්ෂවයන්ට කරැණු පෙන්වා දිය යුතුය. ඒමෙන්ම, මෙම තත්ත්වයට අප සාමුහික විසදුමක් සොයා ගත යුතුය. කොරෝනා පරදන ගමන්,  අප සියලු දෙනා විසින් ගොඩ නගා ගත් ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහයන් ආරක්ෂා කර ගත යුතුය.  අප සියලු දෙනා මැදිහත්ව ඉතා අපහසුවෙන් ගොඩ නගා ගත් මැතිවරණ කොමිසම ආරක්ෂා කළ යුතුය. විධායකය සමග තනිවම ගැටුමකට යොමුකර ඒය විනාශ වීමට ඉඩ හැර බලා සිටීමෙන් අප වැලකී සිටිය යුතුය.

Similar Posts