හෝමාගම හෙදියකට කොවිඩ්

හෝමාගම හෙදියකට කොවිඩ්

කහතුඩුව හයිඩ්‍රාමනි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හෙදියකට කොවිඩ් -19 වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් තුන්සිය හතළිස් දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (18) දින සිදුකර ඇත. මෙම හෙදිය පසුගිය තුන්වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවය. මෙම තත්ත්වය යටතේම මෙම හෙදිය දින කිහිපයක් සේවයට වාර්තා කර ඇති බවත්, ඊයේ (18 වැනිදා)…

ආමර්වීදිය පොලීසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

ආමර්වීදිය පොලීසියේ නිලධාරීන් 16ක් නිරෝධායනයට

ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට ක්‍රියාවලිය සඳහා යොමු කර…

මහජන දිනයට අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක්

මහජන දිනයට අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක්

සැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව සමිපයට ම ගොස් ප්‍රශ්න විසදීමට පියවර ගන්නා ක්‍රමයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ(18) පොලොන්නරුවේ දී පැවසීය. පොලොන්නරුව දිස්ත්‍රික්කය හා උතුරු මැද පළාතට ආවේණික අධ්‍යාපනය හා සම්බන්ධ ගැටලු හදුනාගැනීමේ වැඩසටහනක් ඊයේ…

අධික වැසි නිසා එලවලු වගාවන් විනාශයට

අධික වැසි නිසා එලවලු වගාවන් විනාශයට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පසුගිය දිනවල ඇද හැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් එලවලු වගාවන් විනාශ විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ආගරපතන, ඩයගම, ෆෝඩයිස්, බගවන්තලාව, යන ප්‍රදේශවල එලවලු ගොවින් පවසනුයේ පසුගිය දින ගනනාවක් පුරාවට මෙම ප්‍රදේශයන්ට ඇද හැලුන අධික වැසි හේතුවෙන්…

ඔබට හෙටක් ගමට ගෙයක්

ඔබට හෙටක් ගමට ගෙයක්

ඔබට හෙටක් ගමට ගෙයක් යන සංකල්පය යටතේ හැටන් සමනල ගම ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත නිවාසය සදහා මුල් ගල් තැබිම අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයශංක පෙරේරා මහතාගේ හා හැටන් දික්ඔය නගර සභා මංත්‍රි ශෂි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. හැටන් සමනල ගම පදිංචි  ආර්. එම්. රත්නායක නැමති අය සදහා මෙම නිවස ඉදිකර දිමට පියවර ගෙන ඇත….

කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

කුමාර්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

ඉන්දීය ප්‍රවීණ ගායක කුමාර් සානුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. සුප්‍රකට චිත්‍රපට පසුබිම් ගායකයෙකු වන ඒ මහතාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයක දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබෙන බවට ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත

ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්

ලොකු ලූණු රුපියල් සියයකට අලෙවි කළ නොහැකි තත්වයක්

ලොකු ලූණු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමත් සමගම දේශීය ලූණු ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් රුපියල් සියයක් වැනි මිලකට ලොකු ලූණු අලෙවි කළ නොහැකි බවත් පොලොන්නරුවේ ලොකු ලූණු ගොවියෝ පවසති. මේ වන විට තමන් සන්තකයේ ලොකු ලූණු කිලෝ ලක්ෂයක් පමණ පවතින බවත් පොලොන්නරුව පමණක් නොව අනුරාධපුරය,.යාපනය,මාතලේ යන දිස්ත්‍රික්කවල ලූණු ගොවියාත් මේම තත්ත්වය…

පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා

පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන් ආරක්ෂා කරන ගොවිතැන් ක්‍රමයක් වෙත ප්‍රවිශ්ඨ යැයි මෙවර 2020 ලෝක ආහාර දිනය (ඔක්තෝබර් 16)  වෙනුවෙන් මාද්‍ය නිවේදනයක් නිකුත් කරමින්  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙති. වෙළෙදපොළ මත යැපෙමින් පවතින ලෝකයක ආහාර දිනය සැමරීමට තරම් නොවන බව පෙනේ. සෑම රටක ම කෘෂිකර්මාන්තයට අදාළ ගැටලු උග්‍ර වෙමින් පවතී. ඒ අතර තුළ 2020…

තවත් බැංකු සේවකයෙක්ට කොරෝනා

තවත් බැංකු සේවකයෙක්ට කොරෝනා

තවත් පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ, මතුගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවකයෙකුටයි. මේ අතර  මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගම්මාන ඇසුරෙන් කොරෝනා…