ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කෙරේ

අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව අද දින ( 12) ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි. නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහ සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන…

3 වන වාරයේ ඉගැන්වීම් රූපවාහිනි නාලිකා ඔස්සේ

3 වන වාරයේ ඉගැන්වීම් රූපවාහිනි නාලිකා ඔස්සේ

3 වසරේ සිට 13 වසර දක්වා තුන්වන පාසල් වාරයට අදාළ ප්‍රධාන විෂය නිර්දේශ රූපවාහිනි නාලිකා ඔස්සේආවරණය කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ‍, විවෘත විශ්වවිද‍්‍යාල හා දුරස්ථ අධ්‍යාපනප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය. මේ වන විට වැඩසටහන් නිෂ්පාදනය වෙමින් පවතින බවත් පැවසු…

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

දුබුරු ගිරියෙන් කොවිඩ් ආසාදිතයකු

දුබුරු ගිරියෙන් කොවිඩ් ආසාදිතයකු

හැටන් නගරයේ දුබුරු ගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මෙම ආසාදිතයා අවුරුදු 19 ගැහැනු දරුවකු බවත් මෙම අයගේ මව මුලින්ම කොවිඩ් 19 ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි එම දැරියගේ පියා මෙන්ම සහෝදරයාද කොවිඩ්…

පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට

පොලොන්නරුව නීතිවිරෝධී ධීවර කටයුතුවලින් ඉදිරියට

මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩියේ යෙදී සිටින්නන්ගෙන් වැඩිපුරම නීතිවිරෝධී ධීවර කටයුතුවල සිටින්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බවත් තහනම් දැල් භාවිතය ඉතා ඉහළ බවත් ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය….

අයිපීඑල් කුසලානය මෙවරත් මුම්බායි ඉන්දියන්ස්ට

අයිපීඑල් කුසලානය මෙවරත් මුම්බායි ඉන්දියන්ස්ට

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් සහ මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පස් වැනි වරටත් අයිපීඑල් කුසලානය අත්කර ගැනීමට සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරේදා රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී මේ ජයග්‍රහණය හිමිකර ගත් මුම්බායි කණ්ඩායම අයිපීඑල් ඉතිහාසයේ පිට පිට දෙවැනි වරටත් කුසලානය දිනූ දෙවැනි…

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව අද (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. දිවා…

ඊයේ කොරෝනා ආසාදිතයින් 625ක්

ඊයේ කොරෝනා ආසාදිතයින් 625ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේදී මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 15,340ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 10,183ක් වනවා. අද…