වනජීවී නිලධාරින් අසනීප වෙයි

වනජීවී නිලධාරින් අසනීප වෙයි

වනජීවී නිලධාරින්ට ජනතාව ඉදිරියේ ද්වේශ සහගත ලෙස බැන වැදී අපහසුතාවට පත් කිරීමට එරෙහිව අද(27) දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඒ සඳහා වනජීවී වෘත්තීය සමිති 07ක් සහය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කර රාජකාරිවලින් බැහැරවන බවත් වනජීවී වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැදවුම් කරු බී.වී ආර්.අයි ජී. බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව 2020.1126 දාතම ලිපිය මගින්…

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට…

ඩිජිටල් ලොවක් ගැන කතාකරන බලධාරීන් යුතුකම් ඉටුකරනවාද?

ඩිජිටල් ලොවක් ගැන කතාකරන බලධාරීන් යුතුකම් ඉටුකරනවාද?

පවතින ආපදා තත්ත්වය හමුවේ බොහෝ පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් අදාළ ඉගැන්වීම් කටයුතු සඳහා සම්බන්ධවීමට දුරකථන සංඥා පහසුකම් නිසි පරිදි නොමැතිවීමෙන් පීඩාවිඳින දරු දැරියන් පිරිසක් පිළිබඳව කුරුණෑගල පිහිටි දුනුමාව, අලවතුවල, කිතුල්ගොල්ල හා බඹරගහකන්ද ගම්මාන වලින්  වාර්තා විය. මේ හේතුවෙන් සමහර සිසුන් සිය නිවෙස් වල වහළට…

මැරීන් බලඝණයේ නාවිකයන් 54 දෙනෙකු විසිර යති

මැරීන් බලඝණයේ නාවිකයන් 54 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු  (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී විසිර ගියහ. සාම්පුර් හි පිහිටි මැරීන් පුහුණු පාසලේ මාස අටක් (08) පුරා පැවති මෙම හයවන මූලික…

පිලිප්ට සහ ඔහුගේ බිරිදට කොවිඩ්

පිලිප්ට සහ ඔහුගේ බිරිදට කොවිඩ්

ස්වීඩනයේ කාල් පිලිප් කුමරු සහ ඔහුගේ බිරිඳ සෝෆියා කුමරියට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. මොවුන් දෙදෙනා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

කැන්ඩි ටස්කර්ස්⁣ට එරෙහිව සුපිරි පන්දුවාරයේදී කලම්බෝ කිංග්ස්ට තියුණු ජයක්

කැන්ඩි ටස්කර්ස්⁣ට එරෙහිව සුපිරි පන්දුවාරයේදී කලම්බෝ කිංග්ස්ට තියුණු ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත් විය. සමාරම්භක තරගය ඊයේ(26) පැවැත්වුණේ , කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. තරගය පැවැත්වුණේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කලම්බෝ කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කැන්ඩි…

පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකු හදිසියේ රෝගාතූර වෙයි

පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකු හදිසියේ රෝගාතූර වෙයි

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සේවයේ නිරතවු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකු හදිසියේ රෝගාතූර වීම නිසා සේවකයා කඩිනම් ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට යොමු කිරිමට අනුරාධපුර නාගරික සෞඛ්‍ය අංශය  කටයුතු කර තිබේ. කුරුණෑගල නගර ආසන්නයේ සිට පොදු ප්‍රවාහන සේවාවක් මගින් අනුරාධපුර පිහිටි මධ්‍ය විද්‍යාලයේ සේවයට පැමිණෙන අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයා ඊයේ (26දා) උදෑසන ඇගපත රුදාව හා උණ රෝගයෙන්…

බගවන්තලාවෙන් කොවිඩ් ආසාදිතයන් මතුවේ

බගවන්තලාවෙන් කොවිඩ් ආසාදිතයන් මතුවේ

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 27වන දින කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු (06) හමුවිමත් සමග එම බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දහාතුන් දෙනකු (13) දක්වා ඉහල ගොස් ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. බගවන්තලාව ප්‍රදේශයේදි 24වන දින කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත්…