covid infections and deaths

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 27වන දින කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු (06) හමුවිමත් සමග එම බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දහාතුන් දෙනකු (13) දක්වා ඉහල ගොස් ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි.

බගවන්තලාව ප්‍රදේශයේදි 24වන දින කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් බගවන්තලාව ටිලරි වතුයාය, මෝරා වතුයාය, බොගවාන වතුයාය, මිඩ්වේල් වතුයාය, කොටියාගල වතුයාය, හා නොර්වුඩ් වෙන්චර් වතුයාය යන වතුවල අය බවද ඔහු පවසන ලදි.

මෙසේ හමුවු ආසාදිතයන්ගේ ලගම ඥතින් විසිපස් දෙනකු මේ වන විට ස්වයං නිරෝධානයන්ට ලක් කර ඇති බවත් ඔවුන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් ගනේස් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්හේවා – හැටන්

Similar Posts