අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල

මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත වෙනවා. අධිකරණ ක්සේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වන විට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි  දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව කිහිප ගුණයකින් ඉහළ දැමීමට කටයුතු කරනවා. මේ ආකාරයට භෞතික සංවර්ධනයෙන් පමණක් අධිකරණ ක්ෂේත්‍රය දියුණු වන්නේ නැහැ. ඒ සදහා මානව සම්පත සංවර්ධනය විය යුතුයි. නීති ක්ෂේත්‍රවලට අදාළ දේශිය අධ්‍යයන පහසුකම් ඒ වෙනුවෙන් අප පුළුල් කරනවා.…

Read More

ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදි ශ්‍රී.ලං.පො.පෙ ප්‍රබලයන් දැඩි කනස්සලකින්

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික දියාරු ක්‍රියා කළාපයන් නිසා පසුගිය සමයේ ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් දැඩි කනස්සලකින් පසුවන බව උතුරු මැද පළාත් මාර් ග සංවර් ධන අධිකාරියේ හිටපු සභාපති දර් ශන අනුරුද්ධ නානායක්කාර මහතා පවසයි. හිටපු සභාපතිවරයාට හා අධ්‍යක්ෂ මණ්ඩලයට ආණ්ඩුකාරවරයා විසින් පුවත්පත් යොදාගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.එහිදි වැඩිදුරටත් කථා කළ හිටපු සභාපති දර් ශන අනුරුද්ධ නානායක්කාර මහතා. පළාත් මාර් ග සංවර් ධන අධිකාරියේ හිටපු මා ඇතුළු පිරිස ඉවත්කරේ දූෂණ චෝදනා තියනවා කියලා.ආණ්ඩුකාරවරයා හරියට කන…

Read More

රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව කිසිසේත් සුදානම් නැහැ

ආයෝජකයන් සමඟ ගිවිසුම් ගත වුවත් රටේ කිසිදු සම්පතක් විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියා නොකරන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි. ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එක් ඇඟිල්ලක් දිගු කරන විට  අණ්ඩුව කළ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විපක්ෂයට පෙන්වා දිය හැකි යැයි මහනුවර හේවාහැට දී පැවැති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය. ගිවිසුම් ගත වී රාජ්‍ය ආයතන දියුණු කිරීමට කරන උත්සහය,  ඇතැමුන්  රාජ්‍ය ආයතන අලෙවි කිරීමක් වශයෙන් හදුන්වා දීමට කටයුතු කරනවා යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේ කීහ. ආණ්ඩුවට වසරකට විශාල ණය මුදලක් හා පොළියක් ගෙවා දැමීමට තිබෙනවා. එවැනි ආණ්ඩුවක් භාර…

Read More

අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්

ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන ලද්දේ ඉන්දියාවේ අදානි සමාගමට එරෙහිව එහි සුලු ගොවින් විසින් මාස දෙකක පමන කාලයක් උද්ගෝෂන පවත්වන බවත් එයට සහාය වශයෙන් මෙම උද්ගෝෂනය පවත්වන බවත්ය. එමෙන්ම මෙම අදානි සමාගම මේ වන විට ලංකාවේ කොළඹ නැගෙනහිර ජැටිය ලබා…

Read More

වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමට ඉකුත් ආණ්ඩුව කර ඇති ගිවිසුම්ගතවීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අහෝසි කළ නොහැකි නිසා  ආයෝජනයක් කිරීමට සිදුව ඇතැයි  පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය. ඉකුත් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට අලෙවි කිරීම නිසා යළි කිසිදු අවස්ථාවක මෙරට පුරවැසියෙකුට එම වරාය බැලීමටවත් අවස්ථාවක් හිමි නොවන බව ගන්නෝරුවේදී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීවේය. නමුත් කොළඹ වරායට එවැනි තත්ත්වයක් සිදු නොවන බවත් ආණ්ඩුව උත්සය කරන්නේ ව්‍යාපාරික අවස්ථා තුළින් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට යැයි කී අමාත්‍යවරයා මෙසේ…

Read More

අනුරාධපුර ආසාධිතයන් 200 ඉක්මවා යයි

coronaupdates

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක හමුවු වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්ථාවිමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 200 සීමාව ඉක්වා ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්ථා නොවු අනුරාධපුර දිස්ත්‍රික්කයෙ තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් කොවිඩ් ආසාධිතයෙකු හමුවි තිබෙනා අතර ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22 තුලින් හමුවි ඇති මුළු ආසාධිතයන් සංඛ්‍යාව 225කි. ඊයේ (25දා) දිනයේ පමණක් අළුතින් රෝගින් 33 දෙනෙකු හමුවි ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.අනුරාධපුර මධ්‍යම නුවර ගම් පාළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නීරාවිය රාජංගනය නොච්චියාගම මිහින්තලය ගල්නෑව ඇතුළු ප්‍රදේශ…

Read More

මේ ආණ්ඩුවේ සංවර්ධනය කෝ?

මේ රටේ භාෂණයේ නිදහස වෙනුවෙන් හා ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එම අයිතිය දිනා දීම සඳහා සටන් කරන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව කදුරුවෙල දුම්රියපොල ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂණයකට සහභාගී වෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතිය තහවුරු කරලා තියෙනවා. එහෙම තියෙද්දි අපේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා එදා පාර්ලිමේන්තුවේ කළ…

Read More

එංගලන්ත කණ්ඩායමට ජය

ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සංචාරක එංගලන්තය ජය ගත්තේ ය. ඒ, දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගනිමින් ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 381ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කළේ ය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 126කට දැවී ගියේ එංගලන්තයට ලකුණු 164ක ඉලක්කයක් ලබා දෙමින් ය. එංගලන්තය තරගය ජය ගත්තේ, පන්දුවාර 43යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී සිටියදී ය. තරගාවලියේ පළමු තරගය කඩුළු 7කින් ජයගත් එංගලන්තය තරග 2ට 0ක් ලෙස…

Read More

මංතිරු අමතක වී ලොරි ත්‍රිරෝද ගැටෙයි

හැටන් බගවන්තලාව මාර්ගයේ දික්ඔය නගරයේදි ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයකු තුවාල ලබා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ 25වන දින සවස් කාලයේ මෙම ත්‍රිරෝද රථය වැරදි මංතිරුවේ ධාවනය කිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය. මෙම අනතුර පිලිබදව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පරික්ෂන මෙහෙය වන බවත් අදාල ත්‍රිරෝධ රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති බවද තව දුරටත් පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය මුලීක රෝහලේ…

Read More

එගොඩබැද්දේ විරෝධතාවක්

වලස්මුලල එගොඩබැද්ද, හදුගල හරහා පුවක්ගහහේන දක්වා දිවෙන මාර්ගයේ අළුත්වැයා වලට විරෝධය පළ කරමින් එගොඩබැද්දේ ප්‍රදේශවාසීහු පිරිසක්එගොඩබැද්ද මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතා කරුවන් සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.විරෝධතාකරුවන් පවසන්නේ පවුල් දහස් ගණනක් භාවිතා කරන එගොඩබැද්ද පුවක්ගහහේන මාර්ගය මාතර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් බවයි. මීට පෙරදී මෙම මාර්ගය අඩි 12 ක් පළලට තාර යොදා සකස් කොට තිබුණත් මේ දින වල සිදු කරන අළුත් වැඩියාව මගින්  අඩි 10ක් පළලට මාර්ගය සංවර්ධනය කරමින් පවතින බව විරෝධතා කරුවන් පවසති. ගම් රැසක ජනතාව භාවිතා කරනු ලබන මෙම මාර්ගයේ පළල එසේ පටු කිරීම…

Read More