අත් බෝම්බ ප්‍රහාරයෙන් අයෙක් රෝහලේ

කටුවන මොරගාල ගොඩ ප්‍රදේශයේ දෙපිරිසක ගැටුමක් අතර තුර එල්ල කරන ලද  අත් බෝම්බ ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි. ඊයේ (08) අළුයම් කාලයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් හේවා දෙව්රම්පිගේ දයානන්ද(43) යන අය තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි. ප්‍රහාරයට ලක්වූ නිවස ඉදිරිපිට ඇති නිවසේ හිමිකරු සමඟ ඇති වූ ආරවුලකින් පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලීසිය කියයි.ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන කන්ඩායම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිට ඇති බවට පොලීසියට තොරතුරු…

Read More

මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

Corona vaccine

මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම වේගවත් වී තිබේ. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි. මරණ සංඛ්‍යාව ද හතක්, අටක් දක්වා වැඩි වන දවස් තිබේ. මේ අතර, කෝවිඩ්-19 නිවාරණ එන්නත සමස්ත ජනගහනයටම ලබාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටියි. ඒ සඳහා රු. බිලියන දහයක් වැය වන බව පැවසේ. සමස්ත ජනගහනයටම එන්නත ලබාදුන් ලොව ප්‍රථම රට බවට පත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය. ධම්මික පැණිය, එළියන්ත වයිට් මුට්ටි ආදිය ප්‍රවර්ධනය කරමින් සිටි ශ්‍රී ලංකාව එවැනි ඉලක්කයක් අනුව කටයුතු කිරීම නරක නැත. කෙසේ වෙතත්, රාජ්‍ය අනුග්‍රහයෙන්…

Read More

ආදිවාසි නිජ බිම් මහවැලි අධිකාරිට – වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට

සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී.බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. තම ශතවර්ෂ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර…

Read More

රාජකාරි කටයුත්තකට ගිය ග්‍රාම නිලධාරිවරයෙකුට ගුටි

රාජකාරි කටයුත්තක් සදහා ගිය ග්‍රාම නිලධාරිවරයෙකුට අතින් පයින් පහරදී කැත්තකින් කෙටිමට උත්සහ කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මිහින්තලය පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව 577තුලානේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරිවරයා මිහින්තලය මිස්සක මාවත තුන්වන පියවරේ ඉඩම් එලිපෙහෙලි කිරීමක් සොයා බැලීමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ බිරිද නිලධාරියා සමග බහින්බස්වි පසුව ගුටි බැට හුවමාරුව ඇතිව තිබෙනා බව පොලිසිය පවසයි. සැකකරු මිහින්තලය තුන්වන පියවර ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් එලිපෙහෙලි කරනා බවට ග්‍රාම නිලධාරිවරයාට කිසියම් පිරිසක් දන්වා තිබෙන අතර ඔහු එහි ගිය අවස්ථාවේ සැකකරු ඉඩම් කොටස තමන්ට අයිති බව පවසමින්…

Read More

පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

හයිලන්ඩ් විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය  පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මෙම සිසුන් තිදෙනා 13වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත් මෙම සිසුන් වටවල, රොසැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සිසුන් අධ්‍යාපනය හැදැරු පංති කාමරය විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි. එමෙන්ම මෙම සිසුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් සිටි සිසුන් හා ගුරුවරුන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද බාලක්‍රිෂ්නන් මහතා තව දුරටත් පවසන ලදි. මේ…

Read More

මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි. ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.

Read More

විදෙස් මුදල් හිගය චීන මහ බැංකුව බේරා දෙයි

චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය. ඉන්දියාවෙන් කෙටි කාලීන ගෙවීමේ පදනමෙන් ලබා ගන්නා ලද ඩොලර් මිලියන 400 ක මුදල මේ සතිය තුළ ඉන්දියාවට ගෙවීමට රජය කටයුතු කලේය. ඒ තත්ත්වය මත ඇති වූ විදෙස් මුදල් හිගය චීනයෙන් ඩොලර් මිලියන 1500ක මුදලක් ලැබීමත් සමගින් සමනය වනු ඇත. නැගෙනහිර පර්යන්තය 49%ක සදහා යෝජනා වී තිබූ මුදල ඩොලර් මිලියන 700ක් පමණ…

Read More

වතු කම්කරුවන්ගේ හර්තාල් ව්‍යාපාරය සාර්ථකයි

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් සංවිධානය කරන ලද හර්තාල් ව්‍යාපාරය සාර්ථකවු බව ලංකා තම්කරු කොංග්‍රස් මහ ලේකම් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. නොර්වුඩ් ප්‍රදේශයේදි 05වන දින සවස පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස රජය මගින් යෝජනා කර තිබියදි එයට වතු කමාගම් මේ වන තෙක් එකග නොවිම හේතුවෙන් එම වතු සමාගම්වලට එරෙහිව 05වන දින හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කලා.…

Read More

පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපතිගෙන් උපදෙස්

kaduwela

කඩුවෙල මහ නගර සභාවේ තමුන් අසුන් ගන්නා ආසනය කිසිදු දැනුම්දීමකින් තොරව වෙනස් කර  පිටුපසට තල්ලු කිරීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සරත් කාරියවසම් පැවසීය.   පසුගිය මැතිවරණ සමයේ තමන්ගේ නායකයාට පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස නගරාධිපති වරයා විසින් මා හට උපදෙස් ලබා දුන්නා. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු හැටියට මා හට එසේ කිරීමට  නොහැකි වුණා. මා රියර් අද්මිරාල් සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රදීප් උදුගොඩ යන තිදෙනා දිනවීම සඳහා කටයුතු කළා. මේ හේතුවෙන් මාව මෙලෙස  අන්තෝනමතිකව පිටුපස පේලියට දම්මලා.    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මා…

Read More

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්

වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම  කාලීන අවශ්‍යතාවයක් යැයි ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. භෞතික වශයෙන් රට කෙතරම් දියුණු වුවද ආධ්‍යාත්මික දියුණුවක් බිහි කිරීමට නම්  දරුවන්ට ගුණගරුක  අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි අමාත්‍යවරයා කීවේය. හේවාහැට පින්නගොල්ල  ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර දහයකට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණු ශ්‍රී රතනජෝති දහම් පාසල යළි විවෘත කිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. සමාජයේ ජීවත්වන යම් පුද්ගලයකුට ආධ්‍යාත්මික හැගීමක් දැනෙනවා නම් එහි පදනම වන්නේ ඔහු ලැබූ දහම් අධ්‍යාපනය යැයි අමාත්‍යවරයා කීවේය.…

Read More