බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ

ali-sabir

තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත අදාළ යෝජනා යොමු කර ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ…

Read More

බදු නොගෙවා අපේ ඩොලර් පිටරට ගෙනියන සමාජ මාධ්‍ය (වීඩියෝ)

සමාජ මාධ්‍ය ආචාරධර්ම හා භාවිතාව පිළිබඳ ඇත්ත ගැටලුවක් තිබෙනවා. සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවා හා පුරවැසියා අතර පරතරය අවම වී තිබෙනවා. අද වන විට, සමාජ මාධ්‍යවල තිබෙන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවකු බවට පත්වෙලා මාධ්‍යවේදියකුගේ මට්ටමෙන්ම හෝ සමහර විට ඊටත් වඩා පිරිසක් වෙත සන්නිවේදනය වන පරිදි මාධ්‍යකරණයේ යෙදෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය/ පුරවැසි මාධ්‍ය හසුරුවන්නේ මාධ්‍ය පිළිබඳ පුහුණුවක් තිබෙන අය නෙමෙයි. ඔවුන් ඇතැම් විට මාධ්‍ය සම්බන්ධ අවම මූලික පුහුණුව හෝ ලබා නැහැ. මාධ්‍ය සම්බන්ධ ඉවකින් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඔවුන් සතුව තාක්ෂණික දැනුම හා මාධ්‍ය ඇසුරු කිරීමෙන් ලබාගත්…

Read More

බුර්කා – මුහුණු ආවරණ තහනම් කිරිමට කැබිනට් පත්‍රිකාවක්!

ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු ආවරණ (බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ) තහනම් කිරීමට කැබ්නට් මණ්ඩලය වෙත යොමු කර ඇති බව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්රී මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ  අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සජකච්ඡාවකට එක්වෙමිනි. පුජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසින් පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගෙන වැරදි මතයක් සමාජ ගත වෙමින් පවතින බැවින් අධිකරණ අමාත්‍යතුමා පැවසුවේ  පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ යොමු කරන ලද ප්‍රශ්නයේ  පරිදි 16 වගන්තිය ඉවත් කළහොත් ඒ…

Read More

රෝවර් අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය (වීඩියෝ)

nasa

නාසා ආයතනය විසින් පසුගිය දිනක අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් නැමැති යානය අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අඟහරු ග්‍රහයා මතදී ලබාගත් හඬපටයක්ද නාසා අයතනය නිකුත් කර තිබුණි. පසුගිය පෙබරවාරි 18 වනදා රෝවරය අඟහරු මතට ගොඩබස්වන අවස්ථාවේ අවසන් මිනිත්තු කිහිපය තුළ ලබාගත් වීඩියෝ දර්ශන එළෙස ප්‍රසිද්ධකර තිබේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ කැමරා මගින් ගිගාබයිට් 30ක පමණ දත්ත ප්‍රමාණයක් සහ යානය ගොඩබස්වන අවස්ථාවේ ඡායාරූප විසිතුන්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ බවයි. සරලා සමන්මලී

Read More

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

corona-ennatha

අමෙරිකාවේදී සිදුකරන ලද සමාලෝචනයකින් පසු කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට හඳුනාගෙන තිබේ. කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය ශිතකරණයක් තුළ ගබඩා කිරිමේ හැකියාව ද පවතින බව සඳහන් ය.

Read More

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩාවට සූදානම්

The largest cricket stadium in the world

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට නවීකරණය කරන ලද ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩංගණයේ ඉන්දියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩකයන් තරග වැදීමට නියමිත අතර, ඔවුහු එය ඉහළින්ම අගය කර ඇත. එහි ප්‍රේක්ෂකයන් 110,000 කට අසුන් ගත හැකිය. කෝවිඩ්ගේ සීමාවන් හේතුවෙන් ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩාංගණයේ දී තරග නැරඹීමට අවසර ලැබෙන්නේ 55,000ක් පමණි.  

Read More

මාර්තු වල සිට සංසරණය වන විස්සෙ කාසිය

20

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින්  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබේ. කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

අවදානම් ග්‍රාම නිලධාරී වසම් සඳහා කොවිඩ් එන්නත්කරණය හෙට

corona

කොවිඩ් අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රිත එන්නත්කරණ කටයුතු හෙට (26) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් අද (25) දිවයිනට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන්ය.

Read More

රංජන්‌ ගැන අලුත් තීන්දුවක්

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තනි සිරමැදිරියක රැදවීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ගාල්ල බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාට අනෙක් සිරකරුවන් සමඟ මිශ්‍රව සිටින විට ආරක්ෂාවක් නොමැති බවත්, එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

Read More