රංචු රංචු කැලෑ වදින පානම පලූ කෙළිය

panama

පොසොන් සඳ වැවට කඩන් වැටිලා වැව් දියනානවා.. අපි පැල්කොටේ කතා දානවා.. හොල්මන් කුරුල්ලාගේ සද්දය ඉඳහිටක අසල මුහුදේ රළ කෑගහන සද්දේ වහලා දානවා. ‘හෙට නියම වැඩක් තියෙනවා. අපි උදේ රැයින්ම කැලේ යනවා පලූ කඩන්න. මහත්තයාත් එන්න කැමතියි නම්.’ පානම බණ්ඩාර මාමා කියනවා. ඉබ්බා දියට දැම්මහේ ඇන්නාවේ කිව්වාලූ.. හුම්.. හුම්.. එහෙට මෙහෙට කට ඇතුලේ නැළවෙන විට ඩිංගිත්ත එළියට පනින්න නොදී මම කතා කරනවා. මේ වැල්ලේ ඉහළ ආකැහේ තුරු වදුළු හඳ එළියත් එක්ක ඔට්ටු වෙනවා… ‘ඉස්සර මේ ගම් කොහොමද?’ ‘දැන් අපි ළිං මැඩියෝ වාගේ. වටේම අපිට අයිතිය තිබුණ කැලේ රජයට අරං මායිම් කොරාගෙන.…

Read More

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?

හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම පෙබරවාරි 2දා පටන් වැඩ වර්ජනයේ නිරත ව සිටිය හ. කාන්තාවන් හත් දෙනෙකු ඇතුලු කම්කරුවන් අට දෙනා වන්නේ: එස්. පුවනේසරී, කනපති දේවි, ජී. ශතීස්වරී, ෆ්‍රැන්සිස් තිරේසාම්මල්, මාරිමුත්තු තමිල්සෙල්වි, යෝහශක්ති, එම්. කේ. ශාන්තිනී හා ආන්දිමුතු විස්වකේතු ය.…

Read More

මහජන බැංකුවේ සභාපති සුජීව ධුරයෙන් ඉවතට

sujeewa

බරපතළ මූල්‍ය චෝදනාවකට ලක්ව සිටින මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් වහාම ඉවත් කරන ලෙසට අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. ඉකුත් කොරෝනා සමයේදී ව්‍යාපාරිකයන්ට රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් 4%ක සහන ණය පොලිය යටතේ මහජන බැංකු සභාපතිවරයා විසින් තමන් යටතේ ඇති පෞද්ගලික සමාගමක් වන BDO Partners විගණන සමාගම වෙත රුපියල් මිලියන 25ක ණයක් නිකුත් කර ඇති බවට චෝදනා එල්ලවී තිබීම මේ සඳහා හේතුවී තිබේ. මෙම ණය මුදල නිකුත් කිරීමේදී මහජන බැංකුවේ සභාපතිවරයා විසින්…

Read More

තැපැල් වෘත්තිය සමිතිවලින් රතු එළි

post-office

තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවාගැනීම් සහ උසස්වීම් පටිපාටිය සංශෝධනය කිරීම රජය තවදුරටත් ප්‍රමාද කරන්නේනම් ඊට එරෙහිව යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවන බවට තැපැල් වාත්තීය සමිති අනතුරු අගවයි. 2019 වසරේ දින 16ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට හේතුව වී තිබුනේ මෙම ගැටලුව බවත් මේ දක්වා ඊට විසඳුම් ලැබී නොමැති බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියි.

Read More

දෙවන කොදෙව් සටනේ ජය ශ්‍රී ලංකාවට

slwest

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙව​න T20 තරඟය ලකුණු 43 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරගැනීමට සමත් වි​ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 117ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමි විය. ශ්‍රී ලංකාව 160/6 (පන්දුවාර 20) ධනුෂ්ක ගුණතිලක 56 , පැතුම් නිශ්ශංක 37, බ්‍රා​වෝ 25/2 කොදෙව් කණ්ඩායම 117/10 (පන්දුවාර 18.4) ලෙන්ඩන් සිමන්ස් 21, ඔබෙඩ් මැකෝයි 23,…

Read More

ප්‍රාදේශීය සංවර්ධනයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ගැනීමට යයි

රජයේ මුදල් වැය කරමින් ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන සංවර්ධන කාර්යයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ලක් විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් සංවර්ධන කාර්යයන් පිළිබදව ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවා දැනුවත් නොමැති බව  මෙරට බොහෝ පළාත්වල මහජන නියෝජිතයන් රජයට දන්වා ඇතැයි ගලගෙදර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කීවේය. ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ගලගෙදර ආසනයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා අදාල නිලධාරීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේය. මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් එක්ව…

Read More

නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත ය. ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුව ද රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිවේදිනියක් බවයි.

Read More